IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුරගේ විරෝධයෙන් බදු පනත කල් යයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ  විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය.

න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කළ  අවස්ථාවේදී  නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු කවරේද යන්නය.

මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා ද  අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද  අනුමැතියකින් තොරව බවය.

එමෙන් ම  පනතේ අන්තර්ගතව තිබූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි   කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.



අදහස් (10)

අනුරගේ විරෝධයෙන් බදු පනත කල් යයි

randil Tuesday, 06 September 2022 04:55 PM

කොන්ද පණ ඇති කෙනෙකුට ඉන්නේ ඔච්චරයි..

:       135       75

senaTuesday, 06 September 2022 05:16 PM

හරියටම හරි.. අනික මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පේනවා බදු සහන දීලා තියෙන්නේ කාටද කියන එක බැලුවාම...

:       37       59

පුරවැසියෙක්.... Tuesday, 06 September 2022 05:14 PM

රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට උත්සාහ කරන්නේ ජනතාව මත බදුබර පැටවීමෙන් පමණක්ද? දැන්වත් රටේ නිෂ්පාදනයන් සහ අපනයනය සම්බන්ධයෙන් උත්සාහ දැරීමක් පෙනෙන්නට නැත. රට මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ ජනතාවගේ වැරැදි ක්‍රියා කලාපයන් නිසා නොව රට පාලනය කළවුන්ගේ වැරැදි ක්‍රියාවන් නිසාබව වත්මන් පාලකයින් තේරුම්ගෙන කටයුතු කළයුතු නොවේද?

:       3       55

THANIKADAYA Tuesday, 06 September 2022 06:15 PM

ෂුවර් එකටම අද ඇඳේ අනිත් පැත්තෙන් බහින්න ඇත්තේ...!

:       30       115

සෙනෙවිරත්න Wednesday, 07 September 2022 10:53 AM

ඇයි, අනිත් දවස්වල රජය කරන ඔය වගේ ජනතාවිරෝධී පනත්වලට අනුර සහාය දෙනවද? ඔයාගෙ උපහැරණය අවුල් වගේ. අනුර නැත්නම් සේරම පස්සදොරෙන් සම්මත කරගෙන සාක්කුවට දැනෙනකොට තමයි ඔයාට තේරෙන්නෙ.

:       3       6

SL Tuesday, 06 September 2022 07:22 PM

මිනිස්සු බදු ගෙවනවා ,ඒවා හරියට භාවිතා කරනවද කියල තමයි ප්‍රශ්නේ. රජයේ අතිරික්ත සේවකයින් නඩත්තුවට, හොර ඔටී ගෙවන්න වගේ දේවල් වලට තමා අපේ බදු ටික යන්නේ. ඉන්න තරමක් ආණ්ඩු කරේ මිනිස්සු අන්දපු එක, එකෙකුට උවමනාවක් තිබුනේ නැහැ රටේ කාර්මික සංවර්ධනය ඇති කරලා ආදායම උපයන්න.

:       3       56

sweneWednesday, 07 September 2022 06:23 AM

බදු මුදල් යෙදෙන්නේ ඒවට විතරක්ද , හිටපු සහ පන්නපු ජනාධිපතිලා සහ සහ පිරිවර නඩත්තු කරන්න. මන්ත්‍රී, ඇමති සහපිරිවර නඩත්තු කරන්න. හිටපු අයට විශ්‍රාම වැටුප දෙන්න

:       2       2

චන්දන Wednesday, 07 September 2022 06:58 AM

අනුර හරි. ඊළඟට අරගලය රාජ්‍ය සේවකයන් ගේ වැටුප් වැඩි කිරීමට . හැම දෙයක් ම අඩුම ගානෙ 3ගුණයකින් වැඩි වෙලා. අවම වැටුප් 75000 වත් විය යුතුය . දවස් කුලිය 5000 වෙලා. එනිසා කුලියට වැඩ කරන්න කාටවත් කියන්නේ නැහැ .

:       0       3

BADA PISSA Wednesday, 07 September 2022 01:13 PM

ජෙප්පලාට ධන-රින තෝරාගන්න බැරි මානසික විෂාධියක්..?

:       2       4

SUNIL MILANO Wednesday, 07 September 2022 01:34 PM

කොන්ද පණනැති අමන කතාවක්... අපූරු නියාය... ගොඩගන්න පිටරටවල්වල වැඩකරන සෑම කෙනෙකුගෙන්ම... ඩොලර් 500ක් ගෙන්වා ගැනීම.. මේ වගේ මැටිමෝල් කතාවලට කොහෙන්ද හලෝ හිනාවෙන්නේ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site