(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙ අවුරුදු හයක දැරියක් නිවසේ තිබු අඩක් බැද තිබු ලිදකට ඇද වැටි මරණයට පත්ව ඇති බව  මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ  පදිංචි හලාම් ෆාතිමා සානා (06) නැමති විරුතෝඩේ මුස්ලිම් විද්‍යාලයට මෙවර පලමු ශ්‍රේණීයට ඇතුලත් කළ දැරියක් බව කියයි.

මෙසේ මරණයට පත්වු දැරිය පවුලේ බාලයා බවත් ඇයට වැඩිමල් අවුරුදු 11 දැරියක් සිටින බව කියයි.

රාමසාන් උපවාසය අවසන් කිරීමට සදහා දේවස්ථානයෙන් ලබා දෙන කැද මව හා ලොකු අම්මා විසින් රැගෙන ඒමෙන් පසු එවා ලබා දීම සදහා අත් සෝදා පිරිසිදු වී එන  ලෙස මව පැවසිමන් පසු භාවිතා කරනු ලබන ජල කරාමයෙන් ජලය නොගෙන භාවිතා නොකර ඇති අඩක් බැද තිබු ලිදෙන් ජලය ලබා ගැනිමට යාමේදි දැරිය ලිදට ඇද වැටි ඇති බව කියයි.