
රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
කුරුණෑගල ගෝනගම ගොඩනැගිල්ලකට විදුලි ලබා ගැනීමට සවිකරන තිබූ යකඩයක් බඩු පැටවූ ලොරියක පැටලී ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි.
නියමිත උසට වඩා භාණ්ඩ පැටවූ ලොරියක් විදුලි සැපයුම් රැහැනේ ගැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සවිකර තිබූ යකඩය ගැලවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
තුවාල ලද දැරිය උපකාරක පංතියකට සහභාගීවීම පිණිස යමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇත. අදාළ ලොරි රථය ගෝනගම නගරය ආසන්නයේදී ප්‍රදේශවාසීන් විසින් නවත්වාගෙන ඇත.
බරපතළ තුවාල ලද දැරිය වාරියපොල දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී මූලික ප්‍රථිකාර ලබාදිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිණ.
සිද්ධියෙන් තුවාල ලැබූයේ ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගිලා ඉදල ක්ෂනිකව පාරට පනින රිලාහාමිලා ඔය පැත්තේ නැතුව ඇති නැත්නම් ඔයා කොහේද අහල ප්‍රදේශයේ ලොරියක් නම් යවන්න ඇති ඇත්තටම පැති කණ්නාඩියට පිටුපස නොපෙනෙන තරමට බඩුපැටවීම හා අහස උසට පැටවීම බලන්නෙ නැහැ එහෙම දේවල් හදාගෙන තියෙන දඩ කොලයේත් නැහැ මම නම් ඕකට ලොරිහිමියා පමණක් නොවෙයි ගජමිතුරු ට්‍රැෆික්ලාත් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය කියලා කියනවා
4.5 M දක්වා උසකට බඩු පැටෙවුවම වරඩක් නොවෙ. 4.5M පහලින් වයර් ඇදපු අය වැරදි.