
(ප්‍රදීප් කුමාර )
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සිදුවු ස්ථානයේදී විරෝධතාවක් යාපනයේදී පැවැත්විණි.
එහිදී විරෝධතාකරුවෝ දුම්රිය මග හරස් කරමින් විරෝධයේ නිරත වු අතර මෙම ස්ථානය දැඩි අවදානම් අනාරක්ෂිත ඒකක් බව ඔවුහු පැවසූහ.
එම අනතුරින් එකමපවුලේ පියා හා සිගිති දියණිය ජිවිතක්ෂයට පත්වූ අතර මව බරපතල තුවාල ලබා රෝහල ගත කොට තිබේ.
මෙම ස්ථානයට මුර කරුවෙකු හෝ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු නොමැති කම මෙම අනතුරට හේතු වූ බව පවසමින් අදාල පිරිස මෙසේ විරෝධයේ නිරත විවූහ.
විරෝධතා කරුවෝ එහිදී යාපනය සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රියක් මග අවහිර කොට නවතා විරෝධයේ නිරත් වූ අතර මෙම අනාරක්ෂිත ගේට්ටුව සදහා නිසි ආරක්ෂක ක්‍රම වේදයක් සකස් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහමෝඩ වැඩ. තමන් දැනගන්න ඕන ආරක්ෂා වෙලා යන්න රේල් පාරක් හරහා යනකොට...!