(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව හෙට (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් එම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවූ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙලෙස අධිකරණයට කැඳවා ඇත්තේ ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත‍්‍ර බාරදීම සඳහාය.
2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී හෙළි වූ තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අමතරව නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුමිත් චම්පික සහ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන් සැකකරුවන් ලෙස නම් කර සිටි අතර නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව පමණි.
මේ සම්බන්ධයෙන් මුලින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව ඉල්ලා අස්කර ගත් නීතීපතිවරයා ඉන්පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව පවරා ඇත.
එම නඩුව හෙට (27) කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ලං වෙනකොට මෙම නාට්‍යය ප්‍රදර්ශනය කරනවා.
ඡන්දයක් ලඟදීම තිබෙන බවට වෙන මොන සාක්කිද ඕනේ? දැන් ඉතින් රත්තරන් අස්සයෝ නෑ. ලැම්බෝගිනි නෑ. ඩුබායිවල හෝටල් නෑ. තාජුදීන් මැරිලා නිසා ඕනෑම දෙයක් එම මරණයට අදාලයි කියන්න පුළුවන්. මේකෙන් බේරෙන්න නම් මැරිච්ච තාජුදීන්ම පණ ඇවිත් කියන්න වෙනෙවා ".. මම මලේ මගේම වරදින් වාහනය අනතුරක් වූ නිසා කියලා".
මේ මරණයට විතරක් පරීක්ෂණ කරන්න. මෙපමණ කල් ගන්නේ ප්‍රබලයින්ගේ පුත්තු නිසාද? මැතිවරණයක් එනකොට පොඩ්ඩක් එළියට දමනවා. නැවත හංගනවා අද... තාජුදීන් සාමාන්‍ය තරුණයෙක් අතින් මැරුම් කෑවා නම්... ඒ තරුණය අද ඒවාට වන්දි ගෙවනවා. නඩුත් ඉවරයි. නමුත් ප්‍රභූ පුත්තු, ඉහළ පැලැන්තියේ කට්ටිය නිසා මේ නඩුව යටි ගහනවා. නිතීඥවරුන් සහ අධිකරණය මේ විදියට නඩු අහන්නේ කොහොමද? එකම රටේ ක්‍රම දෙකක්.. වැරදිකරු සාක්ෂි දෙන්න කලින් දිව්රුම් දෙනවා බොරු නොකියන බවට. ඒ වගේම අධිකරණයත්, නිතීඥවරුනුත් වරදකරු ඉදිරියේ දිව්රුම් දෙන්න වෙනසක් නොවී සාධාරණය ඉෂ්ඨ කරන බවට...