
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.
"අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වත්. රනිල්, ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක් වත් නැහැ ,යනුවෙන් ද අනුර දිසානායක මහතා කීය.
එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය ධුරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.
අනුර දිසානායක මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අනුර දිසානායක මහතා පැවසූයේ "ඔබ ගැන සාමාන්‍යයෙන් පුවත්පත්වල මාධ්‍ය වාර්තා ලියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ගුණ ගැනයි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට ඒක කොහොමද ගැළපෙන්නේ. ඔය පුටුවෙ ඔබ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගී සිටින්නට සූදානම් නම් අන්න ඒකට මම විරුද්ධයි, යනුවෙනි.
දශක ගණනාවක් ගමන් කරන ආර්ථිකයේ බිහිසුණු තත්ත්වය මාස හයෙන් හතෙන් කාටවත් ගොඩ නගන්න නොහැකි යැයිද නමුත් තෙල් ,ගෑස්,ඖෂධ ලබාදීම ,පාසල් විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්ත ශාලා විවෘත කිරීම , ධීවරයන්ට මුහුදු යන්න අවස්ථාව දීම , ගොවීන්ට කුඹුරට බැසීමට ඉඩ හැදීම වැනි සාමාන්‍ය දේවල් මාස හයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බවද අනුර දිසානායක මහතා කීය .
මාස හයෙන් පසු මැතිවරණයකට යමු යැයි කියන්නේ අර්බුදයෙන් ගොඩ එන්නට විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍ය නිසා බවද මේ ආණ්ඩුවට ස්ථාවර පාලනයක් නැතැයි ද අනුර දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථානුකූලව සුලුතර රජයන් පවත්වා ගෙන යා හැක. ඔබට වඩා පාර්ලිමෙන්තු බලයක්, සහයෝයක් ඔහුට ඇත. මිනිසුන් මුහුන දෙන ප්‍රශ්නය බිහිසුනුය.රජයට විරුද්ද නම්, අනික් විපක්ශය සමග එකමුතු වන්න. සර්ව පාක්ශික රජයකින් ජනාදිපති බලය බිදින්න. දිය සිදෙන තුරු බලා සිටින කොක්කුන් ලෙස කටයුතු නොකරන්න.
අනුර තවත් කියවන්නෙ නතුව බාරගන්න , ඇත්තම ප්‍රශ්න ඔය කියන ටික තම්යි එක ඔය කියන විඩියට මස 6 න් කරන්න පුළුවන්නම් ලංකාවෙ අපි ගොඩ.
ඉතින් කියවන්නේ නැතුව ඒ මනුස්සයාට මාස 06ක් දෙන්නකෝ. මුලින්ම ඒකට සහයෝගය දෙන්නකෝ...!
ගෝඨාභය යනකන් කවුරු ඇවිල්ලත් රට හදන්න බෑ...
හලෝ එක තමයි රනිල් මහතා ඔබට අගමැතිකම දෙන්න හදන්නේ. එම ධුරය බාර අරන් කරන්න. හැදෙන ගහ පෙත්තෙන් දේ පෙත්තෙන් දැනෙයි කිවා වගේ ඔබ කරන්න ලැහැස්ති වෙනකොට අපි කියන්නම් මොකක්ද වෙන්නේ කියාලා. අනුන්ගේ නුසුදුසු කම ගැන කතා කරන්න එපා. ඊට වඩා ඔබසුදුසු කියා කියන නිසා දෙන්න සුදානම්. දැන් පස්ස ගහන්න එපා.
ඇඹලයාට දීපු උත්තරේ නම් සුපර්...
කේස් එක දිහා හොඳින් බැලුවාම තේරෙනවා මේක ප්ලෑන් එකක් කියලා... ගිය ඡන්දෙ වෙලාවේ වගේ සෙට් එකකුත් දාලා තියෙනවා ඔන්ලයින් මීඩියාවලට. ඌරගේ මාළු ඌරා පිට තියලා කපන්න හදන්නේ. ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී...!
මොන කයිවාරුද මු මේ කෙලින්නේ.යකෝ එලියෙ ගිහින් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න හොද මිනිස්සු එකතු කරගෙන ආණ්ඩුවක් හදල මා 6න් ප්‍රශ්නය විසදනව කියල.දෙනකොට කියනවා.එහෙම බෑලු.ජනවරමක් ඕනලු.එහෙනම් රෙද්දද රට වටේ කියව කියව යන්නේ.ලබන සැරේ දෙන්නම් කියල හිතන් හිටියේ.දෙන්නන්කො අවලන් හැත්තට.පාලකයො මිනිස්සු පෝලිම් වල තියල ආතල් ගන්නකොට තොටයි සජියටයි සිගිති ආතල්ද
හැමදාම කට උල් කරන් කියවනවා, රනිල් සිරිසේන ගෙනාවේ උඹලා නෙමෙයිද?බැංකු කොල්ලකෑ වෙ උන්ම්න්ද්රි නෙමේ ද?. චන්ද්‍රිකා , JR, මහින්ද මේ ඔක්කෝම ගෙන්න උඹලා පැති මාරු කෙරුවා. කරන්න බැරුව ඇමතිකම් දාලා ගියේ. උඹලා 225 ඔක්කෝම පට්ට පල් හොරු.
ඔබලා පාස්කු බෝම්බකරුගේ තාත්තාට මන්ත්‍රීකමක් දෙන්න හැදුවේ ජනවරමෙන්ද? ජනවරමෙන් අගමැති පත්කරන්නේ නැහැ. මම අගමැති කියා කවුරුත් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. ජනමතය පත් කරන්නේ ජනපතිවයි, මන්ත්‍රීවරුන්වයි. ඒ ජනපති ගන්න තීරණ ඒ මන්ත්‍රීවරුන් ගන්නා තීරණ අනුව රටේ දේවල් සිද්ද වෙනවා. ජනපති ගන්න තීරණ අනුව අගමැති පත්වෙනවා. එය ජනමතයෙන් ගත් ඒවා හා සමානයි. 69 ලක්ෂයක් යනවරමක් දීලා ජනාධිපති කෙනෙකු පත්කළේ එතුමාට රටට උචිත කරන්න. ජනාධිපති ඔබව අගමැති කළත්, රනිල් අගමැති කළත් ඒ පත්කිරීම ජනවරමෙන් සිදුකළා හා සමානයි. ඒ නිසා අගමැතිකම අරගෙන මාස 6 රට ගොඩදා පෙන්වන්න. බැරි උනොත් සහෝදර මචං කටේ නරිවාදම රෙද්ද පල්ලේ පෙරපෙර දුවන්න වෙනවා...