
(ආරීයරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ආගමික නායකයෝ හමුවූහ.
ඒ අනුව වැල්ලවත්ත ගාලු පාරේ පිහිටි මහා සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති මාගල්ලේ නාගිත මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝරත්නය එහිදී බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේලා සමඟ පිළිසඳරක ද යෙදුණහ.
අනතුරුවබම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් (Sri Manika Vinayagar) කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා සංඝරත්නය සමග මෙන්ම පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ සහ ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට අතීතය අමතක නැහැ, ඔවුන්ගේ දරුවන්ට ඉඩදෙන්නේ නැහැ නොකටයුත්තක් වෙන්න. මේ රටේ තිබෙන්නේ බෞද්ධ සංස්කෘතියක් එය කවුරුත් පිළිගන්නවා. එයට ගරහන ආගම අබිං ලෙස සලකන කෙනෙක් කොහොමද ජනාධිපති වෙන්නේ...?
අනේ අනේ මේ අයට ගිය කලක්. අපිට ආගමක් නැහැ. කියපු අයගේ ලැජ්ජා නහර කපලාද මේ ඉන්නේ...? කෝ මේ අයගේ රෙදි අපූල්ලන අපතයින් ටික. ලැජ්ජයිනේ. පව් අනේ...!
ඇයි මේ අනුරට හදිසියේම පන්සල්, පල්ලි, කෝවිල් මතක් වුනේ? කිසිම ආගමක්, දහමක් නැතිවනේ හිටියේ. බලයට එන්න තමන්ගේ යථාර්තය හන්ගාගෙන රඟපෑමක් නේද කරන්නේ? එක දෙයක්. ආගමක් නැති, ආගමකට ගරු නොකරන මිනිස්සු ගාව විනයක් නෑ. හැදියාවකුත් නෑ...!
විලි ලජ්ජා නැතිකම අනුර කුමාරටත් වඩා ලොකුයි කියන්නේ ඕකනේ. අනිත් අය පන්සල් පල්ලි යනකොට විවිධ කතා කියපු ජේවීපී වහල් හමුදාව දැන් මීක් නැහැ. ඒ වගේම එතුමන්ලා දැන් ජනපතිවරණයට කාර්ය බහුල වී නිසා මෙවර නුවර පෙරහරට සමාජ මාධ්‍යයේ ගැරහීම් නැත්තටම නැති තරම්...!
බලය වෙනුවෙන් තමන්ගේ යථාර්ථය හන්ගාගෙන පන්සල් යන්නේ ආගම් එපා කිව්ව කෙනෙක්. අනුර ජනාධිපති විය යුතුයි කියන මිනිස්සුන්ට වගේම අනුරටත් මුල මතක නෑ. කප්පම් ගත්තු ඒවා, අත පය කට කපපුවා, මිනීමරපුව මතකද? ඒ අනුරලාගෙ අතීතය. අද ස්ටේජ් උඩදී තග දාලා කතා කරන්නේ ඒ පරණ පුරුද්දට...
ආගම අබිං කලේ මෙතෙක් කල් තමන්ල චන්දෙ දීල පත්කරපු පාලකයො මිස අනුර නෙවෙයි,
සමීක්ෂණ වාර්ථා අනුව බෞද්ධ බහුතරය ඡන්දෙ දෙන්නේ සජිත්ටද අනුරටද කියන එක තීරණය කරලා නෑ. ඒක ගන්න එකා තමයි දිනන්නේ. ඒ කියන්නේ මේ වතාවේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද. ඒකයි ඔය. පන්සලෙන් එළියට බහිනකොටම පිරිත් නූල කඩපු එකාට එක පාරටම බෞද්ධ බැතියක් ආවේ ඒකයි. නැත්තන් මේකා මීට කලින් පන්සල් ගියපු එකෙක්ද? එයාගේ ඇම්බැට්ටයො එලි පිටම බෞද්ධයින්ටයි, බුදු දහමටයි හරහපු කාලකන්නි හැත්තක්. වරෙන්කෝ දෙන්න උඹලාට.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලේ හාමුදුරුවන්ටත් බුදුන් වඳින්න තහනම් කරපු සිසු විරුවෝ හිටියේ මොවුන් එක්ක. හැමදාම උද්ඝෝෂණ වලට හාමුදුරුවන්ට තෙල් ගහලා එක්ක ගිහින් පොලීසියට තග දැම්මේව්වේ මේ අය. බුකිය පුරා හාමුදුරුවන්ට අපහාස වන ඒවා වැපිරුවේ මොවුන්... අරගල කාලේ හාමුදුරුවන්ට දානේ වත් දෙන්න එපා කිව්වේ මොවුන්.... අමනයෝ. ඔයාට ඒවගේ සාපෙන් ගැලවෙන්න බෑ...
රටේම මිනිස්සු කියන්නෙ ආගම දේශපාලනයට ගාවන්න එපා කියල මිසක් පන්සල් පල්ලි වලට යන්න එපා කියල නෙවෙයි ,මෙතන අනුරට ගරහන අය තමයි අත්දෙකේ කඹ වගේ පිරිත් නූල් වලට රැවටිිලා හොරු රජ කෙරුවෙ. ගමේ අය අද හරි තැන ඉන්නව වරෙල්ලකෝ ආගම පෙන්නල කඹ වගේ නූල් බැඳගෙන ඡන්දෙ ඉල්ලන්න.
ජවිපය ඔබලත් රනිල් ජනාධිපතිතුමා යස අගේට අනුගමනය කරමින් මෙන්න ආගමික නායකයෝ හමුවෙන්න යනවා. අයියෝ සිරිසේන ඔබලාගේ මාක්ස්වාදය නිරාගමිකයි නේද? ඔබලා කවදද ආගම් වලට සැලකුවේ... අපේ ජනාධිපතිතුමාගේ උතුම් සිරිත් විරිත් ඉගෙන ගත්තාට ඒ මනුස්සයාට අඩුම ගානේ ස්තුතියි කියලාවත් කියන්න. තව ඔබලා ඉගෙන ගන්න ඒ මනුස්සයාගෙන් දහසක් දේවල් තියෙනවා. ඒවත් ඉගෙන ගනිල්ලා ඔබලා වලපල්ලට යන්න ඉස්සෙල්ලා... කළගුණ සලකන්න.
ඔවුන් කවදාවත් කියලා නෑ ආගම වැරැදියි කියලා. ඔවුන් කියන්නේ ආගම දේශපාලනික කරන්න එපා කියලා. ආගමික නායකයින්ගෙන් ආශිර්වාද ගැනීම සාමාන්‍ය දෙයක්. ඔයාලා නොදන්නවා වුණාට අනුරලා ආගම සමග සිටින මිනිස්සු. හැබැයි පරණ හොරු වගේ ඡන්ද ගන්න බොරුවට ආගම බදාගෙන ඉන්න අය නෙවෙයි.