
(යොහාන් භාසුරු)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
මැතිවරණයේදී ප්‍රකාශකළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිඳු අපේක්‍ක්‍ෂකයෙක්ට ගැනීමට නොහැති වීම නිසා පළමු සහ දෙවැනි ස්ථානවල සිටි අපේක්‍ෂකයන්ගේ වාසියට ලැබුණු දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කළ බවත් එහිදී මනාප 105,264 ක් ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179 ක් දක්වා ඉහළ ගිය බවත් සභාපතිවරයා කීය.
දෙවැනි ස්ථානයේ සිටි සජිත් ප්‍රේමදාස මහතාට මනාප 167,867 ක් ලැබීමත් සමඟ ඔහුගේ ඡන්ද සංඛ්‍යව 4,363,035 ක් බවට පත්වූ බවත් ඒ අනුව වැඩිම ඡන්ද ලැබූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි ශ්‍රී ලංකා ! 42.36%ක් විතරයි බත් කන හරක් ඉන්නේ!
ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි සුදුස්සා… හදවතින්ම සුභපතනවා
රටේ 50% නැති පලමු ජනාධිපති. හෙට උදේම මහපොල වැඩි කරයි.
කුහකයන්ට හොදට රිදෙනවා නේද?
ජයෙන් ජයම වේවා….!
වැඩි ජනතාවක් දැනට ඔබට විරුද්ධ වුවත්, ඔවුන්ගේ කැමැත්ත ද දිනා ගැනීමට හැකිවන ලෙස කටයුතු කිරීමට ඔබට හැකිවේවා! රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි තැන ඔබතුමා යටතේ ද එසේම පවතීවා! සුබ පැතුම්!
අතැති අභියෝගය ජය ගැනීමට කාලය දිය යුතුය. දුන් ලක්ෂ 56 ත් නොදුන් ලක්ෂ 70 ත් එතෙක් ඉවසිය යුතුය. පොරොන්දු ප්‍රකාර වසර එකහමාරක් තුල සියලු හොරුන් කුදලාගෙන විත් දඬුකඳේ ගසා හොරා කෑවේ යයි කියන ධනය ගුවන් මගින් නැව් මගින් හෝ වෙන අන් මගකින් ගෙන්වා, මදි පාඩුව බලයගත් පසු ඩොලර් දෙන බවට පැවසු පිටරට ඉන්නා යාලුවන්ගෙන් ඉල්ලාගෙන භාණ්ඩාගාරය පුරවා සියලු ජනතාව වෙත සියලු සහන දිය යුතුය.
සුබ පැතුම් නව ජනපතිතුමනි
ඔබට ජන්දය දුන් නුදුන් සැමට වාසනාවන්ත අනාගතයක් උදා කරලීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා. සැමවිටම මතක තබා ගතයුතු දේ රටේ වැඩි පිරිසක් ඔබට ජන්දය දුන්නේ රටේ යහපත වෙනුවන් බවයි. රටට ජය වේවා...!!!!
ජනතාව ගැන ආඩම්බරයි. අවසානයේ ශාපලත් දේශපාලන ක්‍රමය අවසන් කිරීම ගැන ඔබට ස්තුතියි. මට ඒ ගැන සතුටක් දැනෙනවා. දේශපාලනඥයා යනු ප්‍රභූවරයකු නොව සමාජ සේවකයෙකි. අපේ රටට නායකත්වය දෙන්න සුදුසුම පුද්ගලයා අනුර. ඔහු හොඳ දැක්මක් ඇති සාමාන්‍ය මිනිසෙකි. NPP දූෂිත නොවේ. NPP සඳහා සහාය දැක්වීම පුරවැසියන් වශයෙන් අපගේ යුතුකමකි. එය සෞභාග්‍යය කරා යන දුෂ්කර මාවතක් වනු ඇත. නමුත් ලංකා මාතාගේ දරුවන් ලෙස අපි එක් වුවහොත් අප සැමට සාර්ථක විය හැකියි. අද අපි කරන කැපකිරීම් වලට අපේ දරුවෝ දවසක අපිට ස්තුති කරයි. ඒ වගේම ලෝකය අපෙන් ඉගෙන ගනීවි. අපේ මව්බිමට ජය! සැමට තෙරුවන් සරණයි.
තුන්කොන් සටනත් තිබෙන අවස්ථාවක 33% 33% 33% 42% ඉහල අගයක් නව ජනපති සොයුරාට සුබපැතුම්...!
සුබපැතුම්...!
රටේ. 50%. ක් චන්ද ලැබුනේ අනිත් සේරම හොරු නිසා .අනික් මිනිස්සු ඉතුරු භාගෙ වැඩ කරලා බඩ පුරවන එකද හොද. පිනට කාලා කප්පම් අර්න් හොර නඩේට කඩේ යන එකද හොද අනුරකුමාර ට. එයාගෙ පක්ශයට උගත් බුද්දිමත් පිරිසක් ඉන්නවා. 350 සමානය දැනුමවත් ගොබ්බයො කීදෙනෙක් හිටියද. ඒකනේ කාක් කුඩුවේ බිත්තර දැම්මෙ. පැටියා එලියට එනකොට. ජන්ජාලයයි. මිහරක් දැන් පේලියට යන්නකො උසාවියට හිර ගෙදරට.
අවුරුදු 76ක් පුරාවටම ශ්‍රී ලංකා මාතාව විනාශකරමින් හමාගිය විනාශකාරී ශාපය නිමාවිය. " ශ්‍රී ලාංකික " ජාතියට නව පණක් ලබාදෙමින් මේ රට මේ ලොව ඇති ලස්සනම ,සුන්දරම ,විනීතම, කිසිම රටකට,කිසිම බලවේගයකට නොබැඳි , ධනවත් බලවත් රාජ්‍යයක් කිරීමට ඔබ ඇතුළු ජාතික ජනබලවේගයේ සහෝදර සහෝදරියන්ට හැකියාව ,දිරිය ශක්තිය ලැබේවා , සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා, උතුම්වූ දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා !!!
හොඳට හොරු අල්ලන්න ඕනා
ලැබූ මේ අනගි අවස්තාව කලින් අය කල මෝඩ කම් නොකර රටේ දියුණුවත් ජනතාවගේ යහපතත් වෙනුවෙන් භාවිතා කිරීමට වාසනාව ලැබේවා . බුදු සරණයි , දෙවි පිහිටයි
සමහර කුහකයෝ වැඩි කැමැත්තක් නෑ වගේ පේනවා..අනුර කුමාර මහතා රට නිවැරැදි දිසාවකට ගෙනියන බව අපිට විස්වාසයි.
ලංකාවට තේරී පත්වුණු අඩුම වයසින් යුතු ජනාධිපතිවරයාට ජය වේවා..!
රටේ බහුතරයකගේ ඡන්ද නොලැබුණත්, සාමාන්‍ය පවුලක කෙනෙක් රටේ ජනාධිපති වීම, මෙතෙක් පැවති ලංකා දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක්...
දශක 7 කට වඩා කාලයක් මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කලේ ප්‍රභු ලියන හොර කල්ලිය.. මෙවර තමයි රටේ පුරවැසියන්ට රටේ පාලනය හිමි වුණේ නව යහපත් පාලනයකට සුබ පතනවා
ඔබට ඡන්දේ දීපු ජනතාවගේ කප්පරක් බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමේ වගකීම ඔබේ දෙවුර මත පැටවී ඇත. විෂේශයෙන්ම ආර්තික වශයෙන් බලාපොරොත්තු වෙන සහන, ඔබ වේදිකාවල පොරොන්දු වූ පරිදි බඩු මිල අඩු කිරීම, වැට් බදු නැති කිරීම, උපයන විට ගෙවීමේ බදු සීමාව වගේම ඒ බද්ද අඩු කිරීම, වැටුප්, දීමනා, මහපොළ වැඩි කිරීම, අඩු ආදායම් ලාභීන්ට රුපියල් දහදාහක් දීම වගේ පොරොන්දු ඉෂ්ඨ කිරීම ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද ඔබට ඡන්දේ දීපු ජනතාව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අකමැති වුණේ වෙන කිසිවක් නිසා නෙවෙයි ආර්ථික පීඩනය නිසා.
හදවතින්ම සුභපැතුම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ! දහසකුත් අවලාද අපහාස හමුවේ මේ ගමනේ හිනිපෙත්තටම පැමිණි ඔබට රට දියුණු කිරීමට සුයළු ශක්තිය ලැබේවා !
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 32%වත් නැති කෙනෙක්ට අවුරුදු 40ක් පැරණි ව්‍යවස්ථාවට අනුව අනාගතය බාරදී බලා හිටිමු. නැවත පෝලිම්වල ලගින්න වුණොත් ඡන්දය දුන් ලක්ෂ 56ට දුක දැනේවා!!!
අපේ සුබ පැතුම් සහෝදරයා...
1971 ඩි පටන් ගෙන බොහෝ කුහකකම් අසාධාරණයන්ට ලක්ව දෙවතාවක්ම විනාශයට ලක්ව වූ පක්ෂයක් කෙසේ හෝ අධිෂ්ටානයකින් අපමණ ගැරහීම් නින්දා උපහාස අවලාද හමුවේ නොසැලී ජනතාවගේ විශ්වාසය දිනාගෙන රටේ විධායක ජනපති තනතුර දක්වා යන්නට ඔබට හැකිවූ බව වෙලාවකට සිතා ගන්නට වත් අපහසුය. පසුගිය කාලයේ ඔබ ලබා දුන් නායකත්වය හමුවේ රට මෙතෙක් වෙලාගෙන සාරය අනුභව කළ කපටි දේශපාලකයන් රාශියක් අද දේශපාලනයෙන් සහ ජනතා සිත් තුලින් අතුගෑවී යන තත්වයට පත්ව ඇත. මෙතෙක් මේ රටේ බිහිවූ එකදු ජනාධිපති වරයෙකු හෝ ජනාධිපතිවරියක සිය ධුරය අවසන් කරන විට ජනතාවගේ සිත් තුළ ගරු කටයුතු ලෙස සැලකිය යුතු අයෙකු ලෙස ඉතිහාසයට එක්වී නැති බව ඔබට අවධාරණය කරමි. ඔවුන් බොහෝදෙනෙකු බලයෙන් හා වස්තු තන්හාවෙන් අසීමිත ලෙස පෙළුණු අප්‍රසන්න චරිත ලෙස ජනතා සිතින් බැහැර වුහ. එබැවින් නිවැරදිව කටයුතු කර රටත් ජනතාවත් ගොඩ ගෙන ප්‍රංශයේ සිටි මිතරෝන් ජරමනියේ ඇන්ජෙලා ම්'කර් වැනි ලෝක වාසීන්ගේ සිත් තුළ සදාකාලික ගරුකටයුතු ආදරණිය දේශපාලකයෙකු ලෙස යම් දිනක ඔබ විශ්‍රාම යන විට ඔබට පත්වීමට හැකියාව ලැබේවා යයි අපි ඉත සිතින් පතමු.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 32.8%ගත් කෙනෙක්ට රට බාරදී බලා සිටිමු. හැටනම ලක්ෂෙන් 15ලක්ෂයක් විතර රෑ වැටුණු වලේ දවල් නොවැටීම හොඳයි.
මෙතෙක් කල් නම් රටට කිසිම ධනාත්මක දෙයක් කරලා නැති කෙනෙක්. බලමු දැන්වත්.
රට ගොඩ ගන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා
50 % එනකන්ම ඡන්දෙ තිය තිය ඉමු. එහෙම නැති වෙලාවට කරන්න ඕන හැටියට කලා නේද මොකක්ද ඔය කුහක කතා, තමන්ගේ එක්කෙනා ඡන්දෙ ගත්තෙ ඊටත් අඩුවෙන් නිසාද?