IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


’’අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා’’

(නිමල කොඩිතුවක්කු)

නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස ජනතාවට පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතා වැඩ කරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නැගූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි ධීවර කම්කරු ජනතාව අමතක වී ඇතැයිද ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්  ඔහු පැවසීය.

රටේ ජනතාව විදින දුක වේදනාව පීඩනය අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බැවින් ජන දුක තේරෙන පිරිසකට ඉදිරියේදී ගම භාර කළ යුතු බවත්  ප්‍රේමදාස මහතා කීවේය.

එදා විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අද එය නොවූ බවත් ජනතාවගේ පීඩනය මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කිරිමට නියෝග කළ නිසා විදුලි බිල අඩු කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන ගෑස් මිල ඇතුළු බඩු මිල සම්බන්ධයෙන් ද රජයට කිසිවක් කර ගත නොහැකිව කෙදිරි ගාමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඩමින් කෙදිරි ගාමින් බල්ලන්ට වදුරන්ට වරද පටවා වැඩක් නොකර කෙදිරි ගාමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජිවත් වන බවත් පාසල් උපකරණවලට සහ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා ලබා දෙනවා කියා රැකියා විරහිත උපාධිධාරින් රවටා ඡන්දය ගෙන අද එම රැකියා විරහිත උපාධිධාරින් මහපාරට ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.



අදහස් (8)

’’අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා’’

Kazi Shajahan Thursday, 27 March 2025 04:34 PM

මේ සැරෙන්වත් ගොඩ එන්න බලන්න..ඔබතුමාත් කතාව විතරයි, හැමදාම පරාදයි... දැන් ඇතිවෙලා ඉඳලා..

:       0       1

Thushara Thursday, 27 March 2025 04:54 PM

අනිත් ජනාධිපතිවරුන්ට ගම මතක තිබුණු විදිහ මතකයි! ගොඩාක් අයට මතක තිබුනේ උපන් ගම විතරයි...

:       2       20

කුමාර Thursday, 27 March 2025 05:22 PM

විපක්ෂනායක තුමාට පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ආවාම දැනගන්න පුළුවන් වෙයි ගම කා එක්කද කියලා...!

:       2       22

ගමේ එකාලා Thursday, 27 March 2025 06:32 PM

අපේ ජනතාවාදී නායකයා ගැන අපි බලාගන්නම්. තමුන් පක්ෂයේ වැඩ ගැන හරියට බලාගත්තා නම් පක්ෂයේ ඉන්න අයත් අයින් වෙයිද? හැමදාම විපක්ෂ නායකයා තමයි...!

:       1       18

පොඩිඑකා Thursday, 27 March 2025 07:06 PM

මෙයා ආවා නම් ගම කාලයි නවතින්නේ...!

:       2       19

Neel Friday, 28 March 2025 04:35 AM

හැම තැනම බස් රථ වලින් පුරවයි...

:       0       4

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:41 PM

ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් !

:       0       4

කිරු Monday, 31 March 2025 07:59 AM

කඳ බඩ වැඩුනට මොලේ වැඩිල නෑ. ඒකයි ඔය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site