
(මුදිතා දයානන්ද)
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය.
මෙම ආයතනය ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.
අනතුරුව මෙම නියෝජිත කණ්ඩායම ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (යුනික් අයිඩෙන්ටිෆිකේෂන් ඔතෝරිටි ඔෆ් ඉන්දියා) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවකද නිරත විය.
අනතුරුව ඊයේ (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර බස් ගිනිතියලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා රට විනාශ කරපු මේ ඉන්දීය විරෝධීන් ඉන්දියාවෙන් ආපසු එන්නකෝ ඔය කෝට් බෑයයි, අනික් ඇඳුම් ටයි අයින්කරලා ආවොත් තමයි හොඳ....
සජිත් පුතේ, අතින් වියදම් කරන් දඹදිවවත් ගිහින් එන්න. සෙකන්ඩ් වෙන්න එපා... ඔය 88/89 බස් පුච්චපු අයට...!
ඉන්දීය බීඩි බිව්වොත් කට කැපීම, පලා බබා අපට එපා, ඉන්දියානු පරිප්පු වර්ජනය, ඉන්දීය ව්‍යාප්ත වාදය, නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙව්, ත්‍රිකුණාමල තෙල්ටැංකි ඉන්දියාවට නොදෙව්, සාම්පූර් බලාගාරය අපට එපා වැනි සටන් පාට විසිකර දමා අනුර සහ සමාගම පැමිණ ඇති දුර! අවස්ථාවාදය කලාවක් නම් එහි පිකාසෝ ජෙප්පෝය. ජයවේවා!
මේවා දැක්කාම හොරුන්ගෙන් යැපෙන අයට සෑහෙන ප්‍රශ්න. පරණ අදහස් වල එල්ලිලා ඉන්නේ නැතිව ලෝකයාට විවර වෙන එක තමයි අද කාලෙ වෙන්න ඕනේ... සුබ පැතුම් සහෝදරයා.
අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති... ඉන්දියාව එය ස්ථිර බව දැනගෙන අවසන්...!!!
රටේ වෙන දේශපාලකයෙක් මේ සංචාරක ගියා නම් ඒක විනෝද ගමනක් හරි ව්‍යාපාර ගමනක් හරි කර ගන්නවා. ජ.වි.පෙ. නියෝජිතයින් ඒක තමන්ගේ දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුමෙන් අනාගතයේ රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න උනන්දු වෙනවා. ඒකත් මේ රටේ ප්‍රධාන යයි කියාගන්නා පක්ෂවල නායකයින් හා ජා.ජ.වේ. නායකයින් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් වලින් එකක්...!
රෝ සංවිධානයට යමක් දැනිලා වගේ...
මෙයා කොහොමද ඔය මිනිස්සුත් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරන්නේ...?
හිටපු පාලකයින්ගේ සම්පත් ලබා ගනිමින් රට පාලනය කළ (1971-1978) උගන්ඩාවේ ඉඩිඅමින්ගේ (කුරීරු හා අන්ත ජාතිවාදී) ඇඳුමෙන් ජනතාව රැවටීම පහසු වුවද පාලනයේදී ජාත්‍යන්තරවාදී වීම සෑම පක්ෂයකටම අනිවාර්ය බව... මෙවැනි ක්‍රම මගින් ඡන්දයට පෙර පෙන්වාදීම ගැන IMF සහ ඉන්දියාවට මෙන්ම මෙවැනි පක්ෂවලටද ස්තුති වන්ත විය යුතුයි. නැත්නම් ඉඩි අමින්ට හා උගන්ඩාවට (අප්‍රිකාවේ මුතු ඇටයට) වුන දේම තමයි. (සරලව IMF, අදානි, හොර සල්ලි හොයා ගන්නා හැටි... ගැන පෙර කී කථා)..
ලංකාවට ආවාට පස්සෙ මොනව කියන්නද? ගොළුව හීනයක් දැක්ක වගේ තියෙයි.
බලා වැලපෙන ,නෙලාගනු බැරි ,ජනපති සිහිනේ
ඉන්දියානු ව්‍යාප්තවාදය සහ ආර්ථික සහයෝගිතාවය කියන්නේ දෙකක්, ප්‍රේමදාස පවා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණා.. අසල්වැසියාට නිවටවීම සහ සහයෝගය දෙකක්, තමන්ගේ නායකයෝ කරනකොට ඒවා හොඳයි... මොනවා වුණත් මේකෙන් රිදිච්ච අයගේ සහචරයෝ මොනවා කිව්වත් අනුර තමයි නියත ජනපති...!