
ඉන්දියාවේ නිල සංචාරයක සහභාගි වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ බවත් ජාතික ජන බලවේගය පැවසීය.
මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි
මැක්ස් Monday, 05 February 2024 05:11 PM
කුප්‍රකට පන්ති 5හේ අන්තිම පන්තිය ගැනත් ෆේස් බුක් ජනාධිපති අකුදී සහෝදරයාගෙන් ශංකර් මහත්තයා ඇහුවාද දන්නෑ...!
Prabha Monday, 05 February 2024 05:57 PM
මැක්ස් අඬන්න එපා... යාවත් කාලීන වෙන්න. ඕක තමයි යථාර්ථය...
Bamunuarachchi Monday, 05 February 2024 11:52 PM
මැක්ස් අන්තිම පන්තියේ ජෙප්පන්ට කිව්වද අධිරාජ්‍ය වාදී ඇඳුම් අඳින්න එපා කියලා.
RwnTuesday, 06 February 2024 01:05 AM
පන්ති පහේ අන්තිම පන්තිය මොකක්ද කියලා දන්නවද ..?
මහසෙන් Monday, 05 February 2024 06:17 PM
වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණි. ඒ නිසා මෙම ආරාධනය පිළිබඳව මෙන්ම ඒ පිළිබඳ NPP දක්වන අදහස් දෙස බලා සිටිමු. අදානි සමූහය විසින් ටෙලිකොම් ආයතනය මිලට ගැනීමට බලාපොරොත්තු වන බව ද NPP දන්නා බව ද මතකයේ තියා ගනිමු...
Kithsiri Monday, 05 February 2024 06:26 PM
කවුද අනුර කුමාර කියන්නේ
pakeer Monday, 05 February 2024 06:53 PM
මොකක් නමුත් දෙයක් රහස් ඔත්තු සංවිධානයට දැනිලා තියනවා
chandima Monday, 05 February 2024 10:52 PM
සපෝට් එකක් දෙන්නම් කිව්වද?
chandima Monday, 05 February 2024 10:52 PM
ඉන්ටර්වීව් එක පාස් වුණාද?
Bamunuarachchi Monday, 05 February 2024 11:48 PM
අම්මට සිරි මගේ කමෙන්ට්ස් හරි ගිහිල්ල. මහත්වරු හම්බවෙන්න යනකොට කාගෙන් ඉල්ලාගෙන අන්දලා හරි මහත්තයෙක් විදිහට පලයල්ල. ඔය ඉන්දියාවම තමයි 1971 චේගුවේරා කැරැල්ලදී නුඹලාට ගහන්න හෙලිකොප්ටර් එව්වේ.
Bamunuarachchi Monday, 05 February 2024 11:54 PM
ඉන්දියානු විදෙස් ඇමතිතුමා සිංහල දන්න නිසා ප්‍රශ්නයක් නැහැ.
Lelwala Tuesday, 06 February 2024 07:57 AM
එය ඔහුගේ සිහිනයයි
Banda Tuesday, 06 February 2024 01:30 PM
බයියො ටික මොකද නිහඩ ? ජෙප්පො පාඩුවෙ ඉන්නකොට කියනවා විදේශ සම්බන්ධතා නැහැ කියලා. තානාපති කෙනෙක්, විදේශ ඇමති කෙනෙක් හරි අයි.එම්.එෆ් නියෝජිතයො හමු උණාම කියනවා දැන් විදේශ බලවේග වලට යට වෙලා කියලා. අනේ මෙහෙම මෝඩ බයියො සෙට් එකක්..ඉන්දියාව මෙහෙම හමුවීමක්ත් දීම තුලින් තේරුම් ගත යුතු දේ තමයි මාලිමාව ඊළඟ මැතිවරණයක හොඳ ප්‍රතිපලයක් ලබන බව
තුංඩු බෙදුව අහිංසක දරුවෝ Tuesday, 06 February 2024 04:15 PM
ෂාහ්... අමෙරිකන් කියාපු පලුව... තුම්මුල්ල ටක්කෙටම පැනලා ගහන්නේ මොන අඩව්වද කියලා පැහැදිලියි. අනේ අර.. වඩේ කකා කඩවලට තුණ්ඩු බෙදුව අහිංසක දරුවෝ ටික....!
Dasa P Tuesday, 06 February 2024 06:14 PM
දැන් නම් හොරු රැළ හරියට කුලප්පු වෙලා වගේ... කමෙන්ට්වලින් පේනවා.