IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


අනියම් පෙමේ පැටලුණු පොලිස් ලොක්කාට ගුටි පූජාවක්

(බී.ජී.චතුරංග)

යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබළාට මාට්ටු වී යතුරු පැදිය දමා පැණ ගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිස් ස්ථානාධිපතිගේ  සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු යුද හමුදා සෙබළාගේ පහර කෑමට ලක්වා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්  පොලිස් ආරංචි මාර්ග පවසයි.

කාන්තාව එම පොලිස් ස්ථානාධිපති සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට  සෙබළ සැමියාට එය අනාවරණය වීමෙන් පසු, දැඩි ලෙස අවවාද කර ඇත. 

රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව, සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අවස්ථාවේ බිරිඳ සහ යෙහෙලිය යතුරු පැදියක පැමිණි දෙදෙනකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරු පැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේ ඔහුට අයත්, යතුරු පැදිය දමා දිවි බේරා ගැනීමට දිව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.  එම යතුරු පැදිය පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (2)

අනියම් පෙමේ පැටලුණු පොලිස් ලොක්කාට ගුටි පූජාවක්

wasa Thursday, 02 February 2023 06:03 PM

පොලිස් ලොක්කාගේ නම දාන්න බයද

:       0       1

නිරංජලා කුමාරි ජයපත්ම Thursday, 02 February 2023 06:58 PM

පොලි⁣සියේ උන් හැමදෙනා ම යන යන තැන ගෑනු ⁣ඉන්නවා . පොලිසියට රාජකාරි කටයුතු සඳහා යන ගොඩක් අයට මේ වගේ සම්බන්ධ කම් ඇති වෙනවා .එයාට තිබුනේ අතක් පයක් කඩලා මාස ගානක් එක්තැන් වෙන්න දෙයක් කරන්න. ඒ ගෑනුත් එකක් ම යන්න දෙන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 120 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 680 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site