(රංජන් කස්තුරි)
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශවවිද්‍යාල අද(10) අඩපණ විය.
විශ්වවිද්‍යාලවල විධායක නිලධාරීන්, පරිපාලන නිලධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද සේවයට නොපැමිණි අතර ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිදු නොවුණි.
බොහෝ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පැමිණීමද අද ඉතා අඩු මට්ටමක පැවැතිණි.
අනෙකුත් රාජ්‍ය සේවකයන්ට 2015 වසරින් පසුව 107%කින් වැටුප් වැඩි වූ නමුත් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලවලට වැටුප් වැඩි වී ඇත්තේ 92%කින් පමණක් බවත් ඔවුන්ට අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වැඩි වූ ප්‍රතිශතයෙන්ම වැටුප් වැඩිකරන්නැයිද ඉල්ලමින් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිදු නොවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගැටළු විසඳලා හිටියොත් නැවත දිනුමක් නැතිනිසා අපි බලන්නේ හිටපු පළාබබාලාට වාහන බලපත්‍ර දිමටත්... සංවර්ධන කමිටු සභාපතිලාට ලක්ෂ දෙකක් ලබාදීමටත් තමයි. අපේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. ඒවා බරපතල ප්‍රශ්න කියලා තේරෙන්නේ නැද්ද? එම ගැටළු විසඳන තුරු ටිකක් ඉවසපල්ලා..
ඇයි මේ සියයට ගනං 10% ක වෙනසක් නිසා නිදහස් අධ්‍යාපනයෙන් ආපු ළමයි අපහසුතාවයට පත්කරන්නේ? පුද්ගලික විශ්වවිද්‍යාල වල පඩි සහ වැඩ එක්ක ඕනෑ සංසන්දනය කරන්න.. පුද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි වෙලාවට පාඨමාලා අවසන් කරනවා. රජයේ සේවය වෙන එකක් විශ්ව විද්‍යාල රජයට අයිති වූ පලියට ඒවායේ වැඩ රාජ්‍ය සේවයට අදාල නැත. එහෙනම් රාජ්‍ය සංස්ථා, අධිකාරි වගේ ඒවත් රජයේ ආයතන නේද?