
(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සිසුන් විශාල පිරිසක් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ තත්වය මතුව ඇත්තේ අනධ්‍යයන සේවකයන් අතින් ක්‍රියාත්මක කෙරෙන විශ්ව විද්‍යාල රසායනාගාරවල වැඩ කටයුතු බොහොමයක් අඩපණවීම නිසා බව ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණවලට යම් බාධාකාරී තත්වයක් මතුවී ඇතැයි පිළිගන්නා බවයි.
මේ තත්වය දිගටම පැවතුණහොත් ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් කුමන හෝ විකල්ප ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ද අමරතුංග මහතා කීවේය.
අනධ්‍යන සේවකයන් වර්ජනයක නිරත වුව ද අධ්‍යයන කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමේ කිසිදු ගැටලුවක් නැතැයි පැවැසූ සභාපතිවරයා වැටුප් නියමිත පරිදි ගෙවා ගෙන යන බව ද සඳහන් කළේය.
වැඩ වර්ජනයේ නිරත අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් වැටුප් නොගෙවුණු බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අනධ්‍යයන සේවකයන් වර්ජනයක නිරත වුව ද ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි.
අභ්‍යන්තර ඉගැන්වීම් කටයුතු මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් ද සාමාන්‍ය පරිදි කෙරෙන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉවරයක් වුණාම අධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ අය පටන්ගනීවි කොහොම වුණත් ආණ්ඩුව මේ ප්‍රශ්නය නොසළකා දරුවන්ගෙන් පළිගන්නවාද කියලා දෙමාපියන් වන අපිට හිතෙනවා මෙහෙම ගියොත් නම් මෙහෙම අදූරදර්ශී කාළකණ්නි (කාලය කාදමන ) දේශපාලුවො එක්ක නම් අවුරුදු 76 නොවෙයි 760 ක් ගියත් වැඩක් නම් කරන්න ලැබෙන්නේ නැහැ
ඉගෙනීම පමණද?. මගේ දියණියගේ විභාගය අභියස වර්ජනය ආරම්භ කලේ. දැන් දින 50 ක් පමණ නිවසේ. දරුවන් ට විතරක් නෙවෙයි දෙමාපියන් ටත් දිවි එපා කරවනවා මේ දුෂ්ට රජය සහ යුජිසී එක
ඕකුන් හරියට වැඩක් කියල කරන්නේ වෙලාවට fingerprint එක තියන එක විතරයි. මේ වගේ රස්සා දෙන්න ඕන විශ්‍රාමික හෝ ආබාධිත නමුත් තාම කාර්යාල වැඩ කල හැකි සොල්දාදුවන්ට
මුන් ගොඩක් එවුන් හොරු කිසිම වැඩක් කරන්නේ නැ. විශේෂයෙන් නඩත්තු අංශයේ සේවක සංඛ්‍යාව ද වැඩියි