(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උපතින්ම දෑස් නොපෙනෙන පුද්ගලයකුට වසර විස්සකට අධික කාලයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දීමනාව ඔහු පොල් කැඩිමේ රැකියාවක නියුතු අයකු බව සඳහන් කරමින් ව්‍යාජ වාර්තාවක් ලබා දී එම දීමනාව අහිමි කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ.
මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ ධර්ගා නගරය, දංවත්තගොඩ ග්‍රාම සේවා වසමේ පදිංචිව කේ. එල්. ඩි. සිරිපාල (69) අවිවාහක පුද්ගලයකුටය
වර්ෂ 1960 සිට වසර නමයක කාලයක් රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා ඇති සිරිපාල මහතා මේ වන විට ඔහු ගේ සහෝදරියගේ පුතුගේ රැකවරණය මත කල් ගෙවන්නේය
මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය
අපේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා තිබ්බා මේ කියන්නේ ඇත්තක්ද කියලා, ඔවුන් යනකොට මේ ඇස් පේන්නැති පුද්ගලයා පොඩි ළමයෙක් වඩාගෙන තමයි ඉඳලා තියෙන්නේ
ඥාති පුතෙක් ඉඳලා තියෙනවා රනිල් කියලා. එයා කියලා තියෙනවා අපිට මාමාව බලාගන්න පුළුවන්.මාමා පොල් කඩනවා ගැටළුවක් නැහැ කියලා.එයාගෙ ඉඩකඩම්වල තමයි එයාලත් ඉන්නේ ඒවායේ ආදායමක් තියෙනවා කියලා.ඒ තත්ත්වය එක්ක තමා අපි ඕක නතර කරලා තියෙන්නේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙන්ම තේරෙන්නේ නැද්ද කතාව පිලි ගන්න බැහැ කියලා.
මුන් ඔක්කොටම හෙනම ගහන්ඩ ඕනි. අන්ද උනනොත් තෙරයි. . ඒ මනුස්සයගෙ සමුර්ධිය කපන්ඩ.
රනිල් කියල ඥාති පුතෙක්...හිනත් යනව.
නැති බැරි අහින්සක මිනිසුන්ට නම් ඔක්කොම පාට් දානවා. .දියවන්නාවේ ඉන්න දූෂිත දේසපාලුවෝ දෙන වරප්‍රසාද ,දීමනා නම් වැඩිකර ගන්නවා.
ප්‍රාදේශීය ලේකම් හෝ ඔහුගේ නිළධාරින් රනිල් නම අහපු හැටියෙම සමෘර්ධි කපන්න තීරණය කරන්න ඇති .මොකද සමෘර්ධි නිළධාරින් බොහොමයක් පොහොට්ටු කට්ටිය නිසා .අතීතයේ කියමනක් තිබුනා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා .මෙම ප්‍රාදේශීය ලේකම්ට තිබුනා කියපුකෙනා කිව්වෙ ඇත්තද බලන්න සිරිපාල පොල්කඩන්නෙ කොහොමද කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් තියා දිස්ත්‍රික් ලේකම් කිව්වත් අන්ධ කෙනෙකුට පොල් කඩන්න බැහැ එහෙම නැතත් සිරිපාල සිටින වයස අනුව ඇස් තියෙන අයෙකුවත් පොල් කඩන්න යැවීම ඉතාමත් භයානකයි.මෙහෙමත් නිළධාරින් ඉන්න රටක් හදන්නෙ කොහොමද