(යොහාන් භාසුර)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් අනිද්දා (19 වැනිදා) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (17) පස්වරුවේ පැවසීය.
අද සිට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී වසන්ත මුදලිගේ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කළ හැකි වූයේ සමස්ත රටම විරෝධතා භූමියක් බවට පත්කිරීමට හැකිවීමෙන් බව ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන් බවත් අරගලය ජයග්රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් වසන්ත මුදලිගේ මහතා වැඩි දුරටත් කීය.
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ අද (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු හොරුන් භංගවේවා..! අරගලයට ජයවේවා...!
වසන්ත මුදලිගේ වහාම ජනාධිපති කරනූ...
අනාගතයේ පත්වන කවුරුන් හෝ ජනාධිපතිට, අගමැතිට ඔබලා ලබාදෙන්නාවූ ඉලක්ක සහ කොන්දේසි ජනතාවට පැහැදිලි නැත..
අනේ බන් ඕකම කරලා හරියන්නේ නැහැ... ජොබ් එකක් හොයාගනින්...!
කැම්පස් ගිහින් අවුරුදු 10ක් චාටර් වෙවී අනිත් එවුන්ගෙත් ඉගෙනීම නැතිකරන එකාට ඕන විදිහටද මේ රට පාලනය වෙන්න ඕන... නැත්නම් ප්රජාතන්ත්රවාදීවද? අනේ ප්‍රේමදාස හිටියා නම්...!
ජනතාවට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොරව රට සංවර්ධනය කර වැඩ වර්ජනවලින් තොරවයි! අනුර, සජිත්, කුමාර වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්නවා කියලා හිතන්න එපා! සංවර්ධනය සඳහා අපට ප්‍රධාන සැලැස්මක් අවශ්‍යයි. වැඩ වර්ජන සංවිධානය සමඟ ආර්ථිකය දියුණුකිරීමට රාමුවක් නොමැත. අපට අවශ්‍ය වන්නේ තත්වය සමඟ කටයුතු කළ හැකි අයෙකි! ඉන්ධන සඳහා මාෆියාව බලන්න! ඔබට ඉක්මනින් වැඩ වර්ජනයක් සංවිධානය කළ හැකි නමුත් විසඳුම සොයාගත නොහැක!
ලපටි සබද පබිලිස් හොඳ විහිලුකාරය, කාලෙකට පස්සේ හොදට කාල බීලා කෙල්ලන්ට පොර වෙලා මෙහෙම ඉන්න තියෙන චාන්ස් එක දිගටම අරගෙන යමු, රනිල් මයෙ අප්පෙ..
උඹලා එන හැම එකාටම ගෝ හෝම් නොකියා උඹලාට ඕනි ජනාධිපති කව්ද කියාපල්ලා. හැබැයි කපේකට පෙරෙට්ටො එන්නේ නෑ. කුමාර් කවදාවත් එන්නේ නෑ. ඒ වගේම අපට කියන්න තියෙන්නෙත් කුමාර් ගෝ හෝම් (Australia) කියා. ගෑකි දරුවෝ බලාගෙන ඇති. යන ගමන් නොයෙල් මුදලිගේ අන්තරේ වසන්ත මුදලිගේත් ඇරං කියා නම් ලංකාව ගොඩ. බැරි නම් වසන්තටයි, දුමින්ද නාගමුවටයි උපාධිය පාස්වෙන කල් අනාථාධාර හෝ දියල්ලා.
එදාට " බුලට් පෲෆ් වෙස්ට් " ඇඳන් යන්න අමතක කරන්න එපා..! ඔක්කොම විහිලු ඉවරයි හලෝ...!
ජීවිතේටම චන්දෙකින් බලේට එන්න බැරි කුරුට්ටන්ගෙයි අන්තරෙයි ලව් එකට ඕන විදිහටද මේ රට පාලනය වෙන්න ඕනේ.රාජපවුල එලවල ඊට වඩා අන්තවාදී තලේබාන් ටයිප් සෙට් එකක් නම් එපා.අපිට රනිල් නෙමෙයි අනුර ජනාධිපති වුනත් ඒක පාර්ලිමේන්තුවෙන් වෙයි.උඹලගේ නීති එපා.
මේ හාල්පාරුවගේ පිටිපස්සෙන් යන යහපාලකයින්ට ලැජ්ජාවක් නැද්ද මන්දා...? මොවුන් කෑගහන තරමට මොවුන්ට සල්ලි උතුරනවා. කාලකණ්ණි ටිකක් තමයි මේ..!
රනිල්ට අත තියන්න ආවොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ..!
සාමාන්‍ය මිනිස්සු අරගලේ කළේ... රාජපක්ෂලාව පන්නන්න. දැන් ඒක විතරයි. දැන් ඉතින් නුඹලාගේ ඔය අඬෝ ඇඬියාව තියලා ගෙදර යන්න.
ප්‍රේමදාස මහතාගේ අගය දැනෙනවා...
වසන්ත මුදලිගේ කියන්නෙ පෙරටුගාමි පක්ෂයේ උප නායකයෙක්. එයාගෙ ජොබ් එක උද්ගෝෂන කිරීම එයාට ඒකට දීමනාවක් පක්ෂයෙන් ගෙවනව. ගෝටාභයට විරුද්ධව මිනිස්සු පාරට බැහැපු එකයි. මෙයාගෙ ජොබ් එකයි කියන්නෙ දෙකක්.
රටේ සියල්ල මුන්ට ඕන විදියට පාලනය කිරීමට උත්සාහ කිරීම කියන්නේ ඒකාධිපතිත්වය රජකරවීම. මේ පිස්සුව ගිය දුර වැඩි නැතිද. මේ අය හිතන්නේ අරගලයට සහභාගිවීමට පැමිණි සියලු දෙනාම මොවුන්ගේ මතවාද අනුමත කරන අය කියල.
දරුවනි, අපි ඔබට ණයගැති වෙමු.
අරගලය යනු ජනවරමකින් පත් වූ ජනපතිවරයකු මරා දැමීමට තැත්කල ත්රස්තවාදීන් පිරිසකි. මත් ද්‍රව්‍ය ජාවාරමුන් පිරිසකි. කුඩු ත්රස්තයන් විනාශකර රට වහා බේරාගනු.......
අන්තරේ උන් එදා ඉන්දළම කෙරුවේ අරගල? අඩුම ගානේ ඉගෙන ගන්න අය ගැනවත් හිතුවද?
ව්‍යවස්ථානුකූලව ඒ මනුස්සයා ජනාධිපති වුණේ. මේ කාල කන්නි N.G.O. බත් බැලයන් කියන විදිහට රටේ කැලෑ නීතියද රජ කරවන්න ඕන. 89 දීපු කෑම හරි කියල හිතෙන්නේ මෙන්න මේ ලොවට තමයි. රටට ඔලුව උස්සගන්න දෙන්නෙම නෑ.
දැන්පවතින රටේ ආර්ථීක තත්වය තව මාස ගානකින් වත් මොකා රටේ ජනාදිපති උනත් විසදන්න බැහැ. එහින්ද මුන්ට හැමදාම පත්වන ඕන ජනාදිපති කෙනෙක් පන්නා දැමිල්ල තමා කරන්න වෙන්නේ. අන්තිමට රටේ මිනිස්සු හැමෝම හිගාකන තත්වයට පත්උනාට පස්සේ මුන්ගේ අරගලය ඉස්සරහට එන්නේ නැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාට පුළුවන් පුළුවන් මම දිනුවා කියලා අරගල කරවිල්ල නවත්තන්න.
රනිල්වත් මේ රස්තියාදු කාරයින් ටිකට ගහලා පැන්නුවොත් හොඳයි...!
මෙයා හරියට සිත්තරපට හිටියා... ගජමෑන් වගේ ළඟදීම කනවා.
තමන් හැදෙන්නෙ නැතුව රට හදන්න යනවා. ජනතා බදු මුදල් කාබාසිනියා කිරීම ජාතික අපරාදයක්.
මෙන්න මේ ජෙප්පා ගහලා හෝ පන්නලා දමන්න මේකා රජයේ වැඩවලට විසාල බාදාවක්. ජනාධිපති තුමනී මවුන් අතුගා දමන්න.
මුන් ඉන්නකන් රටක් ඉතුරු වෙයිද
සියලු මන්ත්‍රීවරු සාකච්ඡා කර තීරණයක් ගන්න. සර්ව පාක්ෂික රජයක් ඕනෑ.
කවද්ද අයියා ඉල්ලන්නේ...? ලැජ්ජා නොවී කෙළින්ම කියන්නකෝ..!
සැබෑ නායකයෙක් ඔබගේ කැපවීම අගය කරම්. අරගලයට ජයවේවා
මේ රස්තියාදුකාරයෝ ඉන්නකල් රටක් දියුණු වෙන්නේ නැහැ..
පසුගිය දින 100 ගලදාරි එකෙන් කාලා මේපාර පොලිසියෙන් හොඳට කන්න යන්නේ ලොරි මුහුණ. අවුරුදු 9ක් තිස්සේ කැම්පස් එකේ තාම උපාධිය නැහැ. මේ වගේ කාලකණ්ණි එක්කද රට හදන්නේ..?
කන්නෙ නැතුව, දගලන්නෙ නැතුව සද්දෙ වහල හිටපන්....එන්ව මෙතන ලොක්කො වෙන්න. මුන් කියන විදියට තමයි වැඩ කරන්න ඕන
දැන් නුඹලා මෝරලා වැඩියි... ඉගෙන ගන්න කාලේ පැන්නා. නිකන් කෑව කාලේ ඉවරයි. දැන් රස්සාවක් කරන්න. රටවල් හදාගන්න දේශපාලකයෝ ඉන්නවනේ.
ළමා ඒකාධිපතියන් අපට අවශ්‍ය නැත.
රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ වගේ කියලා හිතලා වැඩකරන්න ගිහින් වසන්ත මුදලිගේට වෙච්චිදේ තමයි කරගන්නේ... මේ මොහොතේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ නිකම් නෙමෙයි, දැන් රටට ඕනෑ රනිල් වික්‍රමසිංහ වැනි ජනාධිපති කෙනෙක්.. සජිත් වගේ කෙනෙක් නොවේ. 3% කෙනෙකුත් නොවේ.. ඩලස් අලහප්පෙරුම වගේ සේවයක් නොකරපු කෙනෙකුත් නොවේ... අරගලකරුවන්ට යටත් නොවන කොන්ද කෙලින් තියාගෙන අභියෝගවලට මුහුණදෙන කෙනෙක් එහෙම නම් සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහ පමණයි.
රනිල් අගමැති නොවෙයි , අකමැති.
අනේ යන්න..!
ජෙප්පන්ගේ පෙරේට්ටන්ගේ සට්ටඹි රැලට රිදිලා වගෙයි.උන්ට මතක නැහැ අනුරය රනිල්ගේ අගමැතිකම නඩුදාළ බේරගත්ත විදිහ.එකට සල්ලි ගත්තේ විජේදාසගෙන් ලැට් එකේදී කියල.ඒවාට වදෙකට එන්න කිව්වම කටයි පසසයි දෙකම ඇඹරෙනවා කියල.
දැන්නම් ඇති . මේයාව අත්තඩංගුවට ගන්න.
විභාග පාස් කළා කියලා පාරේ රස්තියාදු වේවි... අරගල උද්ඝෝෂණය කරලා හරි ගිය කෙනෙක් ඉන්නවාද? එක තැන පල් වෙවී ඉන්නවා ඇරෙන්න...!
කොල්ලෝ වැඩිය දඟලන්න එපා කමින් කලර් ඉස් නෝ ගුඩ් කිව්වලු. එන පාට හොඳ නැහැ වැඩේ කැරකෙන්නේ නැවත බටලන්දක් ඉඳිවෙන විදිහටයි. උඹට එක විවෘත්ත කරන්න අවස්තාව ලැබේවි.