
(ටී.කේ.ජී.කපිල)
2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, ලෝකයේ රටවල් 110 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි 07 දින සිට 31 දක්වා පවත්වා තිබුණි .
එහිදී ඇය මෙම තරගාවලියේ අනු තරග 03ක අවසන් මහා තරගය දක්වා පැමිණ තිබීමත් , එහි බහු මාධ්‍යය ( Multi Media) අංශයේ තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබීමත් , ශ්‍රී ලංකා රූ රැජින තරගාවලි ඉතිහාසයේ පළමු වරට සිදුවූ සිදුවීමක් වීමත් විශේෂත්වයකි.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුදි ගුණසේකර, තමන් ජීවිතයේ එක් වරක් පමණක් අත්දැකිය හැකි සුන්දර අත්දැකීමකට රට වෙනුවෙන් මුහුණ දුන් බව පැවසීය.
එහිදී තමන් අනුදි ගුණසේකර වශයෙන් ලෝකයා හැදින්වීම පසෙකලා "ශ්‍රී ලංකා" යන නමින් හැදින් වූ බවත්, එය තමන්ට මහත් අභිමානයක් ගෙනැවිත් දුන් බවත් පැවසීය.
තමන් ලෝකයේ ලස්සනම තරුණියන් සමග පසුගිය මාසයක කාළය ගත කළ බවත්, තමන් යළි ලෝක රූ රැජින තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු නොවන බවත් වැඩිදුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔන්න ලොකයේම තියෙන අනම් මනං, සමාජ මාධ්‍යවල පලකරලා, මේකෙල්ලව අඬවන්න එපා..! තරගයකින් පළමුවැනි තැන ගැනීම නොවෙයි වැදගත් වන්නේ... එයට සහභාගී වීම තමා ප්‍රධාන කාර්යය. තරගයකින් හැම දෙනාටම පළමුවැනි ස්ථානය දිනාගැනීමට බැරි බව නොදන්නේ කවුද?
අකුදි ගිහින් නැහැ වගේ. තරගවලට දේශපාලනය ගාවගන්න එපා කියන්නේ ඕක තමයි.
සුබපැතුම්... !