කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා ගුරු උපහාර උළෙල අද (16) ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වුණී.

ආදී ආනන්දීය හිටපු කතානායක කරූ ජයසුරිය මහතා උළෙල ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහාචාර්ය ජේ.බී දිසානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හිටපු ක්‍රීකට් නායක අර්ජුන රණතුංග ඇතුළු ආදී ආනන්දීයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආදී ගුරුවරැන් සහ වර්තමාන ගුරුවරුන් මෙම උළලේදී ඇගයීමට ලක් කෙරිණි.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)