(එම්.සුසිල් පියන්ත)
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවකු මරු මුවට පත්වී ඇතැයි ගෝනපිනුවල පොලීසිය කියයි.
මේ අනතුරින් මරුමුවට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ ඉගෙනුම ලබමින් සිටි දිල්මිත් සේනිය වැයිහේන සිසුවා බව ද පොලීසිය කියයි.
ඔහු මෙවර උසස් පෙළ විභාගයට ධර්මාශෝක විදුහලෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි මේ සිසුවකු බවත් මිය යන විට විසි වැනිවියේ පසුවූ බවත් පොලීසිය කියයි.
මේ සිසුවා අපේල් මස 11 වැනිදා මේ අනතුරින් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින පහක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරුමුවට පත්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd