
(සනත් ගමගේ)
නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්‍ර දේශයේ දී අද (31) සිදු වූ අනතුරකින් මව මිය ගොස් පියා හා දරු දෙදෙනා තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
කොළඹ සිට හම්බන්තොට මිරිජ්ජ විල ප්‍ර දේශයේ නිවස බලා මෝටර් රථයෙන් ගමන් කර මින් සිටිය දි මෝටර් රථය පදවාගෙන ආ සැමියාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට මෝටර් රථය ධාවනය වී මාර්ගය අසල පිහිටා තිබූ කොහොඹ ගසක මෝටර් රථය ගැටි සිදු වූ අනතුරින් මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්‍තේ හම්බන්තොට මිරිජ්ජවිල අඩී 100 පාර පදිංචි මාතර රජයේ පාසලක සේවයකරන සමන්තිකා ජයසිංහ (51) යන අය බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
අම්බලන්තොට පාසලක විදුහල්පතිවරයකු වන මියගිය ගුරුවරියගේ සැමියා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර. වයස අවුරුදු 20 සහ 16 පසුවෙන දරුවන් දෙදෙනාද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd