
(එම්.කේ නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි සඳහා යොදවා සිටි කතරගම පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල්වරයෙකු අද( 24 ) තිස්සමහාරාම අකුරුගොඩ සීමාවේදී පුද්ගලික බස් රථයක ගැටී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ඩවුන්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි 102691 වී. කරන් නැමැති කොස්තාපල්වරයෙකි.
මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී පුද්ගලික යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගමන් කරමින් සිටියදී මාතර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක අකුරුගොඩ සීමාවේදී ගැටීම නිසා බරපතල තුවාල ලබා දෙබරවාැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම යතුරු පැදිය පදවා ඇති නිලධාරියාට කිසිදු තුවාලයක් සිදුව නැතැයි ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම බස් රථය තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් එකක් බව පැවසේ.
අදාළ බස් රථය සහ බස් රථය ධාවනය කල තිස්සමහරාම මුතියම්මාගම ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු තිස්සමහාරාම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයිවට් බස් හින්ද මිනිස්සු කී දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවද. බස් ගැමුණුව කියනව ප්‍රයිවට් බස් කරන වැරදි වලට දඩ ගැහුවොත් වර්ජනය කරනව කියල.
පව්!
බස් රථය පස්ස ගහපු එකක්ද දන්නෙ නැහැ ඔය ප්‍රදේශයේ තියෙන බස් බොහොමයක් එහෙම ඒවා කියලා දැකල තියෙනවා