IMG-LOGO

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්  සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත් (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්)) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.

එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.

එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි. 
 
(055)


 



අදහස් (5)

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘

Raveendra Friday, 22 January 2021 09:23 AM

මුලු මහ බැංකුවම කොල්ල කන කන් උඩ බලන් උන්නු අය වගේ මහා වංචා වෙනකන් නින්දේ උන්නු මහ බැංකුව දැන් උපදෙස් දෙනවා අන්තර්ජාල ගණුදෙනු ගැන පරිස්සමෙන් කියලා. ග්‍රාමීය බැංකුවක් කලමණාකරණය කරගන්න බැරි පාලකයන්...

:       1       50

විජිත් Friday, 22 January 2021 09:29 AM

දැන්ද ඔබලාගේ ඇස් ඇරිලා තියෙන්නේ...? මම පුද්ගලිකව දන්නවා මහා බැංකුවේ සේවය කරන්නේ ඉතාමත් උගත්, බුද්ධිමත්, ඒ වගේම මූල්‍ය කළමනාකරණය ගැන හොඳ පළපුරුද්දක් ඇති අය බව. නමුත් අද මොකද වුනේ...? අද යුරෝ එකක් රුපියල් 240 යි. මහත්වරුනේ, ඔයගොල්ලන්ට කරන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නැහැ.

:       1       13

Nuwan Friday, 22 January 2021 01:57 PM

අන්තර්ජාලයෙන් වන වංචා නොවේ ප්‍රශ්නේ... ආණ්ඩුව මහජනයාගෙන් ගසාකන එකයි ලොකුම ප්‍රශ්නේ. දූසණ, වංචා, කොමිස් ගැහිලි ඉහවහා ගිහිල්ලා. සම්පූර්ණ රජය කෙරෙහි අප්‍රසාදයට පත්වෙලා ඉන්නේ ජනතාව. ආයේ වෙන කාටවත් අපේ සතයක් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද දැන් ජනතාව නැට්ටටම හිඳිලා ඉන්නේ..

:       4       20

jonana Friday, 22 January 2021 03:13 PM

අපි නොවේ, රජය සහ මාධ්‍යවලිනුයි මෙය කරන්නේ...

:       2       11

Prabha Friday, 22 January 2021 07:17 PM

රජයේ බැංකු තමන්ගේ යුතුකම් හරියට ඉටුකරනවා නම්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site