(යොහාන් භාසුර)
අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප මටට්මින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
අන්තජාල පහසුකම් සහ පරිගණක උපාංග නොමැති වීමෙන් මාර්ගගත ක්‍රමට අධ්‍යාපනය ලැබිය නොහැකි දරුවන් සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුවකූලව කුඩා කණ්ඩායම් වශයෙන් අධ්‍යාපන ලැබීමේ මධ්‍යස්ථාන ග්‍රාමිය මට්ටමින් ආරම්භ කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්‍ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇතැයි ද ඔහු කියයි.
එම මධ්‍යස්ථාන සතියේ දින පහේ පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා පවත්වාගනෙ යෑම සදහා සැළසුම් කර තිබේ.
‘ඊතක්‍ෂලාව’ හරහා මෙම මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලැබීමට පරිගණක, ලැප්ටොප් හෝ ටැබ් 10 ක් ලබාදීමට සැළසුම් කර තිබෙනවා. පළාත් කමිටුවකින් පාලනය වන අධ්‍යාපන කළාප කමිටු මේ සඳහා පත් කර ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දවසක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ එස්. බී දිසානායක, මහ නායක හාමුරුනමක් බැහැ දක මෙසේ කීවේය "හාමදුරුවනේ, ජී.එල් පිරීස් ඇමැතිතුමා තමයි අධ්‍යාපන ඇමැති, අධ්‍යාපනයට සත පහක වැඩක් කරන්නැ" යැයි වීඩියෝවක තිබෙනවා මම අසා ඇත්තෙමි.
මෙයාලා මහාචාර්යවරු නේද? ඉස්සර වෙලාම විදුලිය පහසුකම් නැති පාසල්වලට විදුලිය දෙන්න. ඊළඟට හැම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් සපයන්න. ඒ සෑම පාසකලටම අන්තර්ජාල පහසුකම දෙන්න. ඊට පස්සේ ඔය ටැබ් දීම කරන්න. දියුණු රටවල් දිහා බලලා තැනින් තැන තීරණ ගන්න එපා. ඒවා ගොන් වැඩ. ඒත් එකක්ම රටේ අධ්‍යාපනය පූර්ණ ප්‍රතිව්‍යුහගත කරන්න... ඒකත් දේශපාලකයින්ට ඕනෑ විදියට නෙවෙයි. විද්වත් අධ්‍යපනඥයින් හරහා කරන්න.
හරියට සේවාව දෙන්න පුළුවන් වෙන්න ආයතන වලට කටයුතු කරන්න අවස්ථාවක් දෙන්න මුලින්ම... SLT කියලා කරන මගුලක් නැහැ. වෙන කෙනෙක්ට කරන්න දෙන්නෙත් නැහැ...
මුත්තේ අපිට කවදා ඉස්කෝලේ යන්න පුළුවන් වේවිද?
ඔය කරන්න හදන්නේ කොරෝනාවලට මුවාවෙලා අන්තර්ජාල සමාගම් වලට අපේ මුදල් ගරාගන්න උදව් කිරීම.... ඉස්සරහට කුඹුරු කොටන්නෙත් ඔන්ලයින් වලින්ද?
මහාචාර්යතුමෝ, ඔබ හරියට කරපු වැඩක් කියන්නකෝ? විදේශ ඇමති වෙලා හිටපු කාලේ ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරුව පැනලා ගිය හැටි නම් ලෝකෙම දකින්න ඇති .
කොරෝනා උවදුර නිසා පාසල් අධ්‍යාපනය වැඩිපුරම අහිමි වූයේ බස්නාහිර පළාතටයි. එහෙත් මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කිරීමට හා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් කිසිදු සම්පත් දායකත්වයක් නොදක්වා ඇත්තේද බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ය... උදාහරණයක් වශයෙන් සබරගමු පළාත මාර්ග ගත අධ්‍යාපනය වෙනුවෙන් වෙබ්අඩවියක් සාදා එහි පිළිවෙලින් සියලු ශ්‍රේණි ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩසටහන්, පැවරුම් සහ කලින් කලට ඔන්ලයින් විභාග පවත්වා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් ඉතා අගනා සේවයක් සිදු කරයි.
ඇයි නොමිලේ රටම වයිෆයි දුන්නා ලැබුණේ නැද්ද? අපිට නම් බ්‍රේස්ලට් පවා ලැබුණා.. මේ ලියන්නේ ලංකාවේ හදපු වොක්ස්වැගන් එකේ යන ගමන්...