IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි

(අංජුල මහික වීරරත්න)

අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

පියාසර කරමින් තිබෙන සිවිල් ගුවන් යානාවකට එරෙහිව පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් අවි භාවිත කිරීම වැලැකීමට හැකි වන පරිදි චිකාගෝ සම්මුතිය සංශෝධනය කිරීම පිණිස 1984-05-10 දින පැවති අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ 25 වන මහා මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති අතර, එකී සංශෝධනයට අදාළ සන්ධාන පත්‍රය (Article 3 bis of Chicago Convention) 1998 - 10-01 වන දින සිට බලාත්මක වී තිබේ. අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් එකී සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කර නොමැත.

ඒ අනුව, එකී සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site