වසංගතයට මුවාවී සම්මත කිරීමට සැරසෙන නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පුද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 21 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා කිරීමත් සමග දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය.
උද්ඝෝෂකයන් ගිනි තැබීමට ගෙනා පඹයෙක් ද පොලිසිය ඉවත් කිරීමට යාමේදී පොලිසිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර දැඩි උණුසුම් කාරි තත්ත්වයක් හටගත්තේය.
එහිදී පොලිස් නිලධාරීන් විසින් සිසුන්ගේ විරෝධතා පුහුණු හා බැනර් ඉරා විසි කරන ලදී. පැය දෙකකට ආසන්න කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැඳී සිටි එම පිරිස පසුව විසිර ගියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් එක්ක බෑ මේවා... රට කාලා තමයි නවතින්නේ...
මෙවන් භයානක, ඉතා ඉක්මණින් පැතිරෙන රෝග බියක් ඇති අවස්ථාවකදීත් අපි අපේ මුග්ධ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්ම චීවරේ, රෙදි කරට අරගෙන මහජනතාවට පිළිකුල් හැඟීම් දනවන ලෙස හැසිරෙන මුන්දැලා පසුගිය වකවානුවේ ලබා ගත් 300% ජන අප්‍රියතාවය මෙවන් ගොබ්බ ක්‍රියාවන් නිසා ඉදිරියේදී 100%ක් වත් ලබාගනියි ද යන්න සැකයි.. සුදු කුමාරයාට තේරෙන්න තරම් බුද්ධියක් උන්දෑට නොතිබීම කණගාටුවකි... මක්නිසාදයත් සුදු කුමාරයාගේ රතු චීත්ත කාරයින්ගේ ගොබ්බයින් ලෙස අන්තරේ මෝඩයින් හැසිරෙන බව සියලුම පුරවැසියන් හොඳාකාරවම දන්නා බැවිනි. මේ සියල්ලන්ගේම දෙමාපියන් මොනතරම් දුකක්, කණගාටුවක්, සිත් වේදනාවක් විඳිමින් කල්ගත කරනවා ඇද්ද? මෙම මෝඩ රැලගේ ඒ අහිංසක දෙමාපියන් පව්...
"කලකදී වහළු කලකදි රසවෙනවාලු " කිව්වා වගේ එදා බලයට ඒමට පෙර, වැරදියට පෙනුණු දේ අද නිවැරැදි යැයි සිතා, එය ආදායම් මාර්ගයක් කර ගන්නයි රජය කටයුතු කරමින් සිටින්නේ. කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ඇතැයි කියමින් ෆොටෝ එකක්, ඡන්ද ගුණ්ඩුවක් සේ ප්‍රදර්ශනය කෙරුණා මතකයි. ඒත්, ඒකෙත් පොඩි හොර ගතියක් තිබුණා මතකයි. උපාධියක් ප්‍රදානය කිරීමේදී ගන්නා විදිහේ එකක් නෙමෙයි එය. දෙතුන් දෙනෙකු සමග පඩිපෙළක් උඩ සිට ගත් එකක්... කුලපති ඇතුළු ආචාර්ය මණ්ඩලය තිබුණු පොටෝ එකක් ඒ සඳහා නොයෙදුවේ මන්ද? එවන් එකක් නොමැති නිසා නොවේද? මේ සිසුන්ව ඊනියා උගතුන්ට නොතේරෙන නිසා නොවේද? පොලිසිය මේ ආකාරයෙන් යොදවන්නේ. දියුණු රටවල රටේ නායකයාගේ පඹයාව ප්‍රසිද්ධියේ පුච්චන අවස්ථාවන්ට පොලිසිය බාධා කරන්නේ නැහැ. මන්ද යත්, ඒවායෙහි ඒකාධිපති වියරුවක් නැති නිසා. මේවා බලන් ඉන්න වියත් මගේ වියත් බව රෙද්ද පල්ලෙන් බේරෙන බව පෙනේ... කොරෝනා ගරානා වී, නිරෝධායන නීති ගරානා නීති වී, ඇති දූපතක අනුවණ දේශපාලුවන්ගෙන් සහනයක්, සාධාරණයක් පැතිය හැකිද? නොහැක්කේමයි.
ඉස්සෙල්ලාම ෆොටෝ කාරයින්ගේ කැමරා කුඩුකරන්න. ඊට පස්සේ අන්තර් කාරයින්ව කුඩු කරන්න. අපෙන් මොරාල් සපෝට්...
මේ ගොල්ලෝ බයයි මේ අයට ජොබ් නැතිවෙයි කියලා.. කිසිම පනතක් ඉරා දමන්න එපා. පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි. සල්ලි තිබෙන අය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගියාවේ... නුඹලාට තිබෙන අමාරුව මොකක්ද? මෙයින් වෙන්නේ නුඹලාගේ කෝටා එක තවත් වැඩිවීමයි. රැකියා කෝටා එක ඔවුන්ට වැඩිවීමයි.