(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු  ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ  විරෝධතා පා ගමන්  ගාලු මුවදොරට ඇතුලු වීම වලක්වමින්  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) තහනම් නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම විරෝධතා පා ගමන ලිෆ්ටන් වටරවුමට රැස් වී පෙළපාලියකින්    යුනියන්  පෙදෙස ඔස්සේ  ගාලුමුවදොර වෙත පැමිණීමට සැලසුම් කර ඇති බවට කොම්පඤ්ඤවීදිය  පොලිස් ස්ථානාධිපතිවරයා  ලැබුණු තොරතුරු අනුව එය තහනම් කරන ලෙසට ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ   කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එ අනුව විරෝධතාකරුවන්ට ගාලු මුවදොරට ඇතුලු වීම වලක්වමින්  අධිකරණ නියෝගයක් නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.