(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) පස්වරුවේ පවත්වන විරෝධා පා ගමන මාර්ග රැසකට ඇතුලු වීම වලක්වමින් මාලිගාක්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම විරෝධතා පා ගමන ලිෆ්ටන් වටරවුමේ ආරම්භ කර මරදාන මරදාන හංදිය, ඩීන්ස්පාර, ඔරාබිපාෂා මාවත සිට ටෙක්නිකල් හංදිය, ඕල්කට් මාවත ඔස්සේ ලෝටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්යාල දක්වා ගමන් ගැනීමට සුදානමක් ඇති බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරු මත පොලිසිය මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙම මාර්ග හා පදිකවේදිකා භාවිතා කරන මගීන්ට , රියදුරට, භාවිතා කළ නොහැකි අයුරින් සිදුකරන විරෝධතා පා ගමන් තහනම් කරමින් මෙලෙස නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතාරණගේ මධුෂාන් ඉන්ද්‍රජිත්, භික්ෂු මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධර්ම ඇතුලු 10 දෙනෙකු වෙත මෙම අඥාව නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd