
(මුදිතා දයානන්ද)
අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති.
සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත.
කොළඹ පුරහලින් මෙම පා ගමන ආරම්භ වූ අතර සුළු වාහන තදබදකයක් ද පවතින බව වාර්තා වෙයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: හිමත් මතීෂ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තව එක කොටසක්... තමුන් ඉගෙන ගන්නෙත් නැහැ ඉගෙන ගන්න කෙනෙකුට ඉන්න දෙන්නෙත් නැහැ. සදහටම ස්ට්‍රයික්, පිකටිං, පාගමන්... මොන කරුමයක්ද මන්දා මේ අය...? ගෝඨාභය ගෙදර යන්න.
මේ කාලකන්නි අපතයන් තව තවත් රට විනාස කරනව. ඇයි මුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි?
දැන් නම් මේ පෙළපාලි දැකලම පිටරැටියන්ගෙ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ..! කඳුළු ගෑස් වෙනුවට මුන්ට වෙන ගෑස් එකක් ගහලා දෑස් "පෙළපාලි-ඇඳිරියම" කරලා දාන්න..!
අඩු ගානේ මේ ළමයි පාරට බැස්සේ වින්දිතයෝ කියා ගන්නා අයගේ මෝඩකම්වල අග්‍රඵලය නිසා විඳින දුක ඉවර කරන්න කියලාවත් නොතේරෙන රට මෝඩයින්... මෙතන පොරවල් වෙන්න හදනවා.
රටේ ආරක්ෂක අංශ පාලනය කරන්නේ ජනාධිපති.... කොන්දක් නෑ. ඕක අගමැතිටම දීලා යන්න.
දැන් ඉතින් විශ්ව විද්‍යාල වහලා නිසා සිරිත් පරිදි මුන් රැල පාරේ බෙරිහන් දෙන්න පටන් ගනියි.
ජීවිතකාලෙ පුරාවටම ඇදපු චිත්‍ර, එකඑකාගෙ ලනු කාලා රතු පාටටම කොටුකරන්න එපා දරුවනේ. ඉස්සෙල්ලාම උබලට වඩා අවුරුදු 20ක් 30ක් ජේශ්ට උත්තමයෙක්ගෙන් අහලා මෙන්න මේ දේ තේරුම්ගන්න. රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, අද පාර්ලිමේන්තුවෙ ඉන්න සෑහෙන දෙනෙක් විශ්වවිද්‍යාලය කාලෙදි ඔයාලා වගේමයි. ඒත් විශ්වවිද්‍යාලයෙන් පස්සෙ එයාල සහ ඔයාලගෙ පාර්ලිමේන්තු නියෝජනය අතර මොකද්ද තියන සම්බන්දෙ?