IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අන්තර් ජාලයේ බොරු වැපිරූ තරුණයාට ඇප

(රෝෂන් තුෂාර)

පසුගිය දින යාපනයේ පැවැත්වූයේ යැයි කියන එල්ටීටීඊ මහවිරු සමරුව ට අදාල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රට තුළ හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට තැත් කළේ යැයි කියන කොළඹ 10 පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(02) නියෝග කළේය.

පෙරේදා දින රහස් පොලිසියේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ  තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපද සහිතව මහා විරු සමුරුවට අදාල ඡායාරූප පළ කර තිබූ බවය.

රට තුළ අර්බුදයක් ඇති කිරීමට තුඩු දෙන හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට හේතුවන කරුණු සමාජ ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවද සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයා තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර නොමැති බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට උපදෙස් ලබා දෙමින් සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. 



අදහස් (3)

අන්තර් ජාලයේ බොරු වැපිරූ තරුණයාට ඇප

Rodni Monday, 02 December 2024 03:23 PM

මයික් පලලා, ඇස් ලොකු කරලා, කට උල් කරලා, හස්තමුද්‍රා දාලා බේගල් ඇදබාපු තරුණයෙකුත් හිටියා වගේ මතකයි...

:       20       20

Kamal Koyrala Monday, 02 December 2024 04:38 PM

අන්තර්ජාලයේ බොරු වපුරන්න සියල්ලටම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ෆේස්බුක්, යූ ටියුබ්, ඉන්ස්ටර් ග්‍රෑම් ආදී මෙකී නොකී සියල්ලටම, එමෙන්ම වංචා, අපරාධ හෙළිකරන්න අය සාක්ෂි කැඳවා ඔවුන්ට ත්‍යාග මුදල් පිරිනැමීමේ වැඩපිළිවෙළක්ද ඕනෑ...

:       2       14

ගුණරත්න Monday, 02 December 2024 08:57 PM

හරි හොඳයි. බොරුව ඇත්ත තීරණේ කරන්න පොලිස්සියක් හදමු නේද? ෆේස්බුක් දාන්න ඕන වුනහම ඔය පොලිසියට දාලා අනුමැතිය ඇරගෙන දාමු නේද?. එකේ පහලින් පොලිසියේ ලොක්කා විසින් මෙය නිවැරදි බව සහතික කරන ලදී කියල සහතිකේකුත් තිබ්බ නම් මරේ මරු!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site