(රෝෂන් තුෂාර)
නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගම විශ්ව විද්‍යාල සිසුවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද(07) නියෝග කළේය.
සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් කිසිදු අනර්ථයක් සිදුකර නොමැති බව පොලිසිය මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ පැනයට පිළිතුරු දෙමින් පැවසීය.
මෙලෙස රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත නිදහස් වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් සහ සබරගම විශ්වවිද්‍යාලයේ බුද්ධික නිමල ප්‍රභාෂ් සැකකරුවන්ය.බොරැල්ල පොලිසිය මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනිස් පොල්කටුවට බැටන් පාරවල් දෙකක් අත දිග හැරලා දුන්නානම් නිකම්ම නිවාස අඩස්සියේ තියන්න තිබ්බ.