(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල වාහාම විවෘත කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (14) පෙරවරුවේ සංකේත සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වීය.

‘සරසවි වසා වසර 2 යි, සියලු සිසුන් සඳහා සරසවි වහා විවෘත කරනු’, ‘කොතලාවල පනත වහා අහෝසි කරනු’ සහ සිසුන් මහ පාරේ ආණ්ඩුව මර නින්දේ’ ලෙස පාඨ සටහන් පුවරු රැගෙන එහිදී විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ උද්ඝෝෂණය කළහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ සංකේත සත්‍යග්‍රහය සතියක කාලයක් ක්‍රියාත්මක කරන බවයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි