
(අංජුල මහික වීරරත්න)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් පැළ රෝපණය කර නැකත සමරනු ලැබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පළතුරු පැල රෝපණය කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැළ සිටුවීමේ නැකතට මුරුංගා ශාකයක් හුණුපිටිය ගංගාරාම විහාස්ථාන පරිශ්‍රයේ රෝපණය කළ අවස්තාව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දේශපාලනයේ අන්තිම පාලනය වෙන්ඩ පුළුවන්. ඊළඟ නව වසරේ කොහෙ ඉන්න පුළුවන්ද?
අන්තිම නැකතේ පැලයක් සිටුවේ කියන්නේ ජනාධිපතිවරණය අවසන් වෙලා නැකැත් ගැන විශ්වාස නොකරන කෙනෙක් ජනාධිපති වෙනවා කියලාද කියලා අහන්න කැමැතියි..!