
(අංජුල මහික වීරරත්න)
මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අදාල නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.
"පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා" යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කැමැත්ත හෝ ආගමික වතාවත් ඉටු කිරීමට අකමැති වෙන්න දෙයක් නෑ ඒ පුද්ගලික හෝ සංස්කෘතික හෝ ආගමික කටයුතු පොදු ජනතාවට අයහපතක් නොවෙන විදිහට සිද්ධ වෙනවා නම්. බොහෝ රටවල කොරෝනා නිසා මියගිය අයව ජාති ආගම් භේදයක් නැතුව ආදාහනය කරා. මැද පෙරදිග රටවල සහ තවත් නොයෙක් රටවල භූමදානය කරා. නමුත් මැදපෙරදිග රටවල සහ නොයෙක් රටවල භූගත ජල මට්ටම මතුපිට සිට ඉතා පහලයි. ඒ නිසා වළ දැමූ සිරුරු භූගත ජලය සමඟ මුසුවි කොරෝනා වැනි මාරාන්තික විෂබීජ නැවතත් මතුවීමට ඉඩ කඩ අඩුයි. ඊට සාපේක්ෂව ලංකාව වගේ රටවල භූගත ජල මට්ටම මතුපිට පොළොවට ඉතා කිට්ටුයි. ඒ නිසා කරන දෙයක් පරිසර හා සෞඛ්‍ය තත්වය ගැනත් සිතා බලා කටයුතු කරන එක හොඳයි.
ඡන්ද ගුන්ඩු. හා හා හා...
හම්බයින්ගේ අන්තිම කැමැත්ත අල්ලා විස්වාස නොකරන මිනිස්සු බොරුකාරයෝ හෙවත් kafir ලා ඔවුන් ජිහාඩ් නැතිනම්, මරා දැමිය යුතුයි කියන එකයි. මුළු ලෝකයම මුස්ලිම් කළයුතුයි... කියන එකයි...!
නීති හැදුවාට පමණක් මදි ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ. ඒ ගැන අවධානයට යොමුවේවා ඔය කියපු ආකාර දෙකටම අමතරව තවත් පිරිසක් තමන්ගේ සිරුර වෛද්‍ය විද්‍යාල වෙතට දෙන්න කැමැත්තෙන් සිටිනවා ඒත් ඒක කරන්නේ කොහොමද කියලා දැනුමක් ලැබෙන්නේ නැහැ.. ඊළඟට සිරුරේ කොටස් දෙන්න කැමැති අයට ඒකට අවස්ථාව ඇතිකරනවා නම් හොඳයි... උදාහරණයක් හැටියට මියගිය පසුව ඇස් දන් දෙන්න කැමැති කෙනෙකුට ඒකට අවශ්‍ය උපදෙස් හා ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා...
රනිල් හැමදාම කරේ බලයට ආපුවාම හාමුදුරුවරු හිරේ දාලා මුස්ලිම් අන්තවාදීන් සනසපු එක... මේ වැඩේ හැමදාම කළා. මේ පාර පටන් ගත්තේ ඥාණසාර හාමුදුරුවන්ගෙන් බුද්ධාගමට ගහන අය නිකන් ගියේ බල්ලෝ බලල්ලු ගානට අපි බලාගෙන ඉන්නවා. ඔයාටත් චන්ද්‍රිකාටක් ස්වභාවධර්මයා සලකන විදිහ...