(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් විමර්ශන පවත්වන අතර එහි වාර්තාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට බාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහ පාලකවරයා වැඩ තහනම් කරනු ලැබ සිටී.
ලිංගික හිංසන කටයුතු වලට සේවකයන් කිහිපදෙනකු උදව් කර ඇතැයි සේවිකාවන්ගේ සාක්ෂිවලින් තොරතුරු අනාවරණයවී ඇති බවත් එම සේවකයන් සම්බන්ධයෙන් මේ අනුව ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.
මේ අතර විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවටද කරුණු ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ මෙවැනි කටයුතු වැළැක්වීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිද්ධියට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය පසුගියදා ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් පොලිස් පරීක්ෂණ සිදුකර උසාවියට ඉදිරිපත් නොකර සති 3-4ක් තිස්සේ නටන නාඩගමේ තේරුම මොකක්ද? ලිංගික අපයෝජනයක් සිදුවෙලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන්න පාර්ලිමේන්තු ලේකම්ට තිබෙන බලතල කුමක්ද?
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙ කිව්වලු...