
(ඉන්දිකා රාමනායක)
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ.
මෙම පිරිසට නිලධාරීන් 19 දෙනකු හා සෙසු නිළයන් 595 දෙනකු සිටි බව යුද හමුදාව පවසයි
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහභාගි විය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉගෙනගෙන ඊට පස්සේ අහිංසක මිනිස්සුන්ට පයින් ගහන්න...
අරගල කාරයින්ව උස්සලා පොළවේ ගහන හැටිද පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ..?
බදු වැඩි කලේ මෙයාලට පඩි ගෙවන්න තමයි. ලක්ෂ ගාණක හමුදාවක් ඉන්නේ ඇමරිකන් ආක්‍රමණයක් ආවොත් මුහුණ දෙන්න...
SF - ආදරෙයි හැමෝටම
"අපේ බදු මුදල් විනාශය කරා..." අනේ අපි දහඩිය ලේ කඳුළු මතින් ගෙවන බදු සල්ලි වලින් නේද මේ? අනේ කරුණාකර දැන් හමුදා සෝබන නවත්තලා මිනිස්සුන්ගේ බදුසල්ලි ටික සෞඛ්‍යයට හා අධ්‍යාපනයට පමණක් යොදවන්න...
කුහක කමෙන්ට් දාන කට්ටියකුත් තාම ඉන්නවා ශ්‍රී ලංකාවේ..!
කරුණාකර ආරක්ෂක අංශවලට අවලාද නැගීමෙන් වලකින්න .සොල්දාදුවෝ අවරුදු 20 ක් 22 ක් රටට සේවය කරන්නේ ඔයවගේ පටු අරමුණකින් නෙමෙයි .අවුරුදු 5 න් 5ට එන ආණ්ඩු වලට කොහොමත් පක්ෂ වෙලා වැඩ කරන්න ඕන .ඒක තමයි එයාලගේ රාජකාරිය. තමන් කැමැති පාලකයෝ ආවම එක විදියක් , අකමැති අය ආවම තව විදියක් එයාලට බැහැ . ඔවුන්ට අනදෙන පාලකයෝ පාලනය කරගත්තානම් මේ සොල්දාදුවන්ට බනින්න වෙන එකක් නැහැ. අනිත් කාරණාව තමයි දිනපතා විශ්‍රාම යන සොල්දාදුවෝ පුරප්පාඩු පිරවීම අනිවාර්යයි රටක යුද්දයක් තිබුනත් නැතත් මේ අවශ්‍ය පිරිස සිටිය යුතුයි. එයාලා කරන්නේ යුද්ද කරන එක විතරක් නෙමේ. තව එකක් ඒ අංශ වල අනවශය වියදම් අඩුකර ගන්න එක වෙනම වැඩක්. ඒ වගේම මේ අයගෙ ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක අදාල පාර්ශව කරන්න ඕන වැඩක්
ආදරෙයි හැමදාමත් ....... ජය ජය ජය ජයවේවා........