(සනත් ගමගේ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි.
හම්බන්තොට මත්තල අතර කොටසේ 187 වන කිලෝ මිටර කණුව ආසන්නයේ දි මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාලත් විදෙස් සංචාරකයින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. රුසියන් ජාතික සංචාරකයින් හතර දෙනෙක් අනතුරින් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් බොහෝ දෙනෙක්ට මෙහි ගමන් කරන ආකාරය ගැන නිසි දැනුමක් නැහැ , බොහෝ දෙනෙක් ගමන් කරන්නේ මංතීරු දෙකම මැදි කරගෙන , රියදුරෙකුට යම්කිසි කාර්මික දෝෂයක් ඇතිවුනහම් , මහනිස්යයක් ඇතිවුනහම , ඉන්දන ලබාගන්න වහනය මාර්ගයෙන් ඉවතට අරන් නවතවගන්න විවේකී ස්ථාන ඇත්තේ මුළු මාර්ගයට එක ස්ථානයක පමණි වෙන රටවල සැම කිලෝමීටර් 15-20 මෙවැනි ස්ථාන තිබෙනවා ,හදිසි ආපදාවක් වුනහම, වැසිකිලි යන්න අවශ්‍ය වුනහම රියදුරන් වහනය මාර්ගය අසල නවත්වනවා , පිටුපසින් එන වාහන සමහර විට ලඟට එනකම්ම මේක නවතාල තිබෙන වහනයක් කියල දකින්නේ නැහැ අනතුරු ඇතිවෙන්න මේවා ප්‍රධාන හේතු පොලිස් නිලධාරීන් අධිවේගයේ වේග සිමා උල්ලංගනය කරන එක අල්ලනවා හැරෙන්න රියදුරන් කරන වෙන වැරදි ( නිසිලෙස මන්තිරුවේ වහනය නොපැදවිම වැනි වෙන වැරදි හොයන්නේ නැහැ , )හරිනම් පොලිස් කියා සදහන් නොකළ සිවිල් වාහන මගින් මෙම වැරදි කරුවෝ සොයා ගන්න ඕනේ ,
මේ බොහෝ අනතුරු වලට හේතුව පිටුපසින් ගමන් කරනා වාහනයේ රියදුරු වාහන දෙක අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා නොගැනීමයි .මෙයද එලෙස සිදු වූ ආතුරක් බව හැඟේ
අධි වේගයේ අනතුරු වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන කොතෙකුත් කතා කලත් වැඩක් නැහැ. රියදුරන්ගේ හික්මවීම ගැන පොලිසිය තදින් ඉන්නම ඕන. නැතුව ඉබේ තේරුම්ගන්න එවුන් ලංකාවෙ නැහැ.
ලංකාවේ අධිවේගී මාර්ගවල වැහි වතුර රඳා පැවැතීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර පාලම් සම්බන්ධ වෙන ස්ථානවල ගැටි ඇත... එම නිසා ටයර්වලට හානි වීම සිදුවීම සහ වාහන ලිස්සායාම සිදුවෙන්න පුළුවන්... මේවා ඉදිකිරීම් කළ ඉංජිනේරුවන්ගේ දුර්වලතාවයන් මෙහි ගමන් කරන විට හොඳින් නිරීක්ෂණය වන අතර, එම වැරැදි නිවැරැදි කරගන්න පාලකයින්ට අවශ්‍යතාවයක් නොමැති බවත් නිරීක්ෂණය වනවා. මෙහි සිදුවන වාහන අනතුරුවල වරද 100% රියැදුරන් මත පටවන්න බැහැ.. පාලන අධිකාරියද වගකියන්න ඕනේ.., අධිවේගී මාර්ගයක ආරක්ෂාකාරීව වාහන පදවන්න ඕනේ ආකාරය සම්බන්ධව සකස්කළ වීඩියෝ විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව අතර ප්‍රචාරය කළොත් රියැදුරන් දැනුවත් වෙන නිසා අනතුරු අඩු කරගන්න පුළුවන්...
අධිවේගයේ ගමන්කරන රියැදුරන්ගේ ඇස් පරීක්ෂාකළ යුතුමයි. තමන්ට ඉදිරියෙන් යන වාහනය පේන්නේ නැති නිසයි මෙවැනි අනතුරු ඇතිවන්නේ...!