
(ඩයනා උදයංගනී)
පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ මතු වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනයට යොමුවීම නිසා මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයකින් වැඩිවී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවකට සහභාගී වීම සඳහා දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීය.
මෙරට ඇත්තේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් බව කී මන්ත්‍රීවරයා දුම්රිය නවීකරණය, විදුලිකරණය හා කිරීමට ගත් ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයන් විසින් විනාශ කළ බවද කීවේය.
මගීන්ගෙන් සියයට 8-10 ක් ගෙනයන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ සියයට 1-2 ක් වැනි ප්‍රමාණයක් බැවින් එම ක්ෂේත්‍රය නවීකරණයට නව දුම්රිය එන්ජින්, මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා ආණ්ඩුව දැන්වත් විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගෙ හදනවා කියලා තමයි පොහොට්ටුවෝ මාටියා ගැහැව්වේ..!
බලය ගන්න රඟපානවා. බලය ගත්තාට පස්සේ ඔය ගමන් බිමන් V8 වලින් පමණයි.
චම්පික රණවක මහතා විසින් ආරම්භ කළ සැහැල්ලු දුම්රිය පද්ධතියද, පසුගිය රජය මගින් අතහැර දැමීම අමනෝඥ ක්‍රියාවකි...!
චම්පිකත් 2005 සිටම සෑම රජයකම ඇමැතිකම් දැරුවා. 2019 වෙනකන්ම.. මොනවද කළේ...? එයාගේ තියෙන්නේ ලොකු කතා විතරයි. අඩුම තරමේ 2015 සිට 2019 දක්වා කාලයේදී නුවරට අධිවේගය හැදුවානම්, මිනිස් ශ්‍රමය කොච්චර ඉතිරි වෙනවද? ඒ වගේම පෙට්‍රල්, ඩීසල් කොච්චර ඉතිරි වෙනවද? එයා යමක් රටට කරලා පෙන්නලා කිව්වානම් කමක් නෑ..
මෙ කතාව මම එ කලෙ කිව්වම, පොහොට්ටුවො කිව්වෙ ඩියුනු වෙනව කියන්නෙ ඔකට තමයි කියල..අපි කිව්ව දියුනු වෙනව කියන්නෙ නයට අරන් කාල බීල, ලොකු ගෙවල් හදල, වාහන අරන් ඉන්න එක නෙමි කියල. එත් හොරා කන්න ඔනෙ උනාම එව ගැන හිතන්න ඔනෙ කමක් නැති උන. දැන්වත් මෙ දේවල් නවත්තල අපිට ඇත්තටම ඔනෙ දේ විතරක් කරන්න. තාමත් මට්ටු වෙලා නැහැ.
හා හා... බයිලා ගහන්නෙ නැතුව අර හප්පපු කොල්ලට සාධාරණයක් කරලා ඉන්න ඔක්කොටම කලින්
තනතුරු ලැබෙනකන් විතරයි ඔය කයිවාරු...
අදිවේගී මාර්ග හදන කොට දූෂිත දේසපාලුවෝ ගසාකාපු මුදලින් මූලු රටේම පාරවල් හදන්ඩ තිබුනා..
අධි වේග මාර්ග නෙතිබුනානම් විශේෂයෙන් ගාලු පාර අද වාහන වලින්ම පිරිල. රටකට මේව අවශ්‍ය යි. තමා ඇතුළු සියලු දේශපාලකයන් යටි මඩි ගහපු සල්ලි ටිකත් රටේ සංවර්ධනය ට යෙදෙව්වේ නම් මෙහෙම නැහැ .
මේ ඉන්නේ අනිත් ඇක්ටර්. දැන් මෙයා වගේම තව බොහොමයක් දෙනා කතා කරන්නේ හරිම සුජාතම දේශපාලනයක් කරපු අය වගේ. මෙයාලා මේරටේ තීන්දු තීරන ගන්න තැන්වල ඉදලා ම නෑ. කෝච්චියේම යනකොට මේවා මතක් වෙන එකයි පුදුමේ. අර රාජගිරියේ අනතුර වෙනකොටත් මෙයා ඉන්න ඇත්තේ කෝච්චියේම වෙන්න ඇති.
කටුනායක අධිවේගී මාර්ගය කිලෝමීටර් 26ක් දිගයි. දක්ෂිණ අධිවේගී මාර්ගය කිලෝමීටර් 226ට වඩා වැඩී. සංවර්ධනය හරි සමබරයි. හම්බන්තොට කොළඹ කරන්න ගිහින් කරපු නාස්තිය තමයි මූලික හේතුව.
අරගල තියෙනවා විපක්ෂෙ ඉන්න කම්.... මේ අය මැරිල ඉපදුනා.....ද.... ඊට පස්සෙ කොමිස්.... නැති නම් දවසට රැ 25000-30000දීල නඩු බලවන්නෙ කොහොම ද...
මේ කයිවාරැකාරයො කවුරැත් දැන් කතරගම යන්නෙ පරණ පාරෙන් ද? රට සවාරි යන්න ගුවන් තොටුපළට යන්නෙ පෑලියගොඩ, වත්තල, කඳාන, ජා-ඇල හරහා ද?අපේ රටට හරි නොයන්න ප්‍රධාන හේතුවක් ඔන්න ඔය කුහක රොත්ත. කියන්නෙ එකක් කරන්නෙ වෙනම එකක්. ඕව කියන්න හොඳයි වෙනත් දියුණු රටවල මහාමාර්ග පද්ධති නොදැකපු මිනිස්සුන්ට.
අධිවේගයේ මාතර යන ගමන් වෙන්න ඇති කියන්නේ. නොදකින් මෙහෙම ගොයියෝ. විදුලිකරණය හා කිරීමට ගත් ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයන් විසින් නැවැත්තුවේ නැතිනම් වෙලාව නොකියා පැය තුකක් විදුලිය කැපුවාම නැතිනම් නොරොච්චෝලේ කාචල් උනාම දොරවල අරගන්න බැරුව උඩින් යන විදුලි දුම්රියවලම නැවතිලා ඉන්න තිබුනා. අධිවේගය නොතිබුනානම් අපේ මාතර ගමන් අපිට ඕනේ වෙලාවට යන්න බැරි බව මේ ගොයියාට තේරෙන්නේ නැද්ද