(ඉන්දිකා රාමනායක)
අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක් පසුපස පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී කොළඹ දෙසට යාමට පැමිණ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරචිචි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දික සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
මොවුන් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
එම පැමිණිල්ල අනුව මොවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවසට ගියද ඔවුන් පොලිසිය මගහරිමින් සැඟව සිටින බව පොලිසිය කියයි.
පොලිසිය මගහරිමින් සැගව සිටින මොවුන් දෙදෙනාට සැඟව සිටීම සදහා නවාතැන් දීම අපරාධමය වරදක් බවද පොලිස් මුලස්ථානය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් සහ මොවුන් ගමන්ගත් (SGPG - 4507) දරණ කැබ් රථය සම්බන්ධයෙන් යම් තොරතුක් තිබේනම් වීරකෑටිය පොලිස් ස්ථානාධිපති - 0718-594193 සහ වීරකැටිය පොලිසියේ 047-2246226 අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිගේ පුතා අල්ලන්න. ඔහුගේ බිරිඳ නෙත්මි යටි උගුරින් කියපු පරුෂ වචන ටික අහලා අපටම ලැජ්ජා හිතුණා. ලැජ්ජාවේ බැහැ...! බැඳපු ගෑණියෙක්ගේ කටින් පිටවෙන වචනද ඕවා..! එයාට දෙන දඬුවම ස්විස් රටම බලා ඉන්නවා..!
කැබ් එක ගිනි තියාගන්න ඕනෑ වෙලාද?
රටේ මේ අවස්ථාවේ තිබුනේ ස.ජ.බ. ආණ්ඩුවක් නම් මේ පොලිස් නිලධාරින්ට කුමකින් කුමක් සිදුවේද? දරුවන්ගේ වැරැදි වලට අප්පලා වැරැදිකරුවන් නොවේ යයි යමකුට කිව හැක. එහෙත් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමේදී දේශපාලක දරුවන් මදාවින් වී සාමාන්‍ය පුරවැසියාගේ දරුවන් පමණක්ද සුචරිත විය යුත්තේ...?
එච්චරටම දැන් මේ ඩබල හොයාගන්න බෑ පොලිසියට. එහෙමද වෙලා තියෙන්නේ? නිකන් නාට්‍ය පෙන්වන්න එපා. අන්තිමට වෙන්නේ මේ ඩබල උසාවියට හෝ පොලිසියට ලෝයර් කෙනෙක් හරහා බාරවෙනවා. ඊට පස්සේ ඇප ලැබෙනවා. අර රාලහාමිලා දෙන්නට විනය ක්‍රියාමාර්ග අරන් දඬුවම් මාරුවක් දෙනවා. එතැනින් ඒ නාට්‍යය ඉවරයි.
කොහොමත් ලගදිම මුන්ව අල්ලනව ලංකාවෙ පොලිසිය එක්ක සෙල්ලම් කරන්න ෑ අපෙ පොලිසිය ඒතරමට දක්ශයි.
මොන විහිලුවක්ද? මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් අල්ලන්න ජනතා සහය ඉල්ලනවා. කෙලින් කියන්නකෝ ගෙදරට ගිහින් ඇරස්ට් කරන්න පොලීසියේ කොන්ද පණ නෑ කියලා.
මේ වගේ අයව අල්ලන්න බැරිනම් සහරාන් වගේ කෙනෙක්ව අල්ලන්න පුළුවන් වෙයිද?