IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි

(මල්ලවආරච්චි සහ වාරන ජයකොඩි)

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය .

මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත්  තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය . ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරේ

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනිණි.

අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් එය නිරීක්ෂණය කරමින් පවතින අතර පොලිස් අපරාධ ස්ථාන පරක්ෂක නිලධාරීන් විසින් එහි ඡායාරූපගත කිරීමේ කටයුතුද කරමින් පවතී.



අදහස් (6)

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි

අමල් Saturday, 23 November 2024 05:02 PM

ජෙප්පන්ට ගල් සමග පුදුම සම්බන්ධයක් තියෙන්නේ ! ගල් බැලිලි, ගල් කැඩිලි, අනුන්ට ගල් පෙරලීම් සහ ගල් කටස් !

:       9       10

Prasanna Saturday, 23 November 2024 05:45 PM

ගමරාළ දිව්‍ය ලෝකයේ ගිය කතාව වගේ වැඩක් මේක...

:       2       4

සමන් - ඕමානය Saturday, 23 November 2024 07:49 PM

අනේ අපොයි. මං හිතුවා අනුර සහෝදරයා ජනාධිපති වෙලා, පාර්ලිමේන්තුවත් NPP එක දිනුව නිසා ඒ වාසනාවට අපේ රටේ පහළවුණු සතර මහා නිධානයක් කියලා!!! බැලින්නං නිකම්ම නිකන් කළුගල් ගොඩක් නේ...!

:       2       8

K sajith madhuranga Sunday, 24 November 2024 10:53 AM

මීඩියාවලට නම් මේක නිධානයක් වුණා නේද?

:       0       11

වාසනා Sunday, 24 November 2024 08:56 PM

හැම ගමකම ඉන්නව මෙලෝ දෙයක් කරගන්න බැරිව වැලේ වැල් නැතිවුනාම, කෝමහරි ගොඩයන්න හිතන් නිධන් පස්සේ යන එකෙක්..

:       1       2

Toni Monday, 25 November 2024 12:39 PM

ජෙබයියෝ හැදුවේ නිධානයක් ගොඩදාලා හරි imf වාරිකය ගෙවන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site