(මල්ලවආරච්චි සහ වාරන ජයකොඩි)
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය .
මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත් තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය . ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරේ
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනිණි.
අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් එය නිරීක්ෂණය කරමින් පවතින අතර පොලිස් අපරාධ ස්ථාන පරක්ෂක නිලධාරීන් විසින් එහි ඡායාරූපගත කිරීමේ කටයුතුද කරමින් පවතී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ට ගල් සමග පුදුම සම්බන්ධයක් තියෙන්නේ ! ගල් බැලිලි, ගල් කැඩිලි, අනුන්ට ගල් පෙරලීම් සහ ගල් කටස් !
ගමරාළ දිව්‍ය ලෝකයේ ගිය කතාව වගේ වැඩක් මේක...
අනේ අපොයි. මං හිතුවා අනුර සහෝදරයා ජනාධිපති වෙලා, පාර්ලිමේන්තුවත් NPP එක දිනුව නිසා ඒ වාසනාවට අපේ රටේ පහළවුණු සතර මහා නිධානයක් කියලා!!! බැලින්නං නිකම්ම නිකන් කළුගල් ගොඩක් නේ...!
මීඩියාවලට නම් මේක නිධානයක් වුණා නේද?
හැම ගමකම ඉන්නව මෙලෝ දෙයක් කරගන්න බැරිව වැලේ වැල් නැතිවුනාම, කෝමහරි ගොඩයන්න හිතන් නිධන් පස්සේ යන එකෙක්..
ජෙබයියෝ හැදුවේ නිධානයක් ගොඩදාලා හරි imf වාරිකය ගෙවන්න.