
බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි.
ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.
හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අධිවේගී අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේග මගේ නීතිය හරියට කීයාත්මක නොවේ. රියදුරෝ වේග සීමා නොතකයි. වාහන අතර නිසි පරතරයක් තබා නොගනියි. පොලිසිය උඩ බලාගෙන හිඳියි. හරියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අධික දඩ පැනවිය යුතුයි. එමගින් රාජ්‍ය ආදායමද වැඩිකර ගත හැකියි...
ලංකාවේ රියදුරන්ට අනික් ඔක්කොම තියෙනවා "විනය" සහ "මගියාගේ ආරක්ෂාව පිළිබඳ කැපවීම" ඇරෙන්න. ඔන්න තවත් ප්‍රතිඵලයක්... ත්‍රිවීල් එළවමින් ඉඳලා හයිවේ එකේ කාර් පදින්න ආපුවාමත් ඔහොම වෙනවා හැබැයි...!
අධිවේගී මාර්ගයේ යන රියදුරන් යන්නේ සාමාන්‍ය පාරක යන්න වගේ කිසිම හැඟීමක් නැහැ. සාමාන්‍ය පාරක ඉස්සර කරනවා වගේ එක පාරට දකුණට දානවා සිග්නල් ඇත්තේම නැහැ... ඉස්සර කළාට පස්සේ නැවත වමට දානවා ක්ෂණිකවම... පහු කරපු වාහනේ බ්රේක් කළේ නැත්නම් වදිනවා. පොලිසිය හැංගිලා ඉඳන් මීටරේ අල්ලන්න විතරයි ඉන්නේ... නොදකින් මෙහෙමත් පොලිසියක්. 100 ට වැඩියෙන් යාම නෙවෙයි අල්ලන්න ඕනෑ... මෙන්න මේ වගේ ඒවා. මේ විදියට දැන් ජීවිත කීයක් නැති වුණාද? සීසීටීවී තියෙන්නේ මොකටද? සල්ලිත් ගෙවලා යන පාරේ ආරක්ෂාව අන්තිමයි....!
ඔය පහුගිය මාස 5 ක කාලය තුළ මම දැකපු ඔය ආකාරයේම 5 වෙනි රිය අනතුර ඒ සේරම වගේ විදේශිකයින් ගුවන්තොටුපොළ වෙත අරගෙන ගිය වාහන... මේ සඳහා ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ අධික වේගය රියැදුරන්ට නිසි විවේකයක් නැතිවීම මේ සඳහා සංචාරක අංශයේ වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමුකළ යුතුයි...
වේගය මැනීමට උපකරණ ඇත... කැමරාවෙන් අංකය හඳුනාගෙන දඩ කොළය ගෙදරටම එවිය හැකිය. නොකරන්නේ තව තවත් මිනිස් ජීවිත නැති කිරීම සඳහාද?
ලංකාවේ රියදුරන් විදේශිකයන්ට කිසිම විනයක්, ඇතුව ගරුකිරීමක් නැහැ. ඒක අපේ රටේ අවාසනාව... රට හදන අය දැනගන්න ඕනෑ හැමෝගේම යුදහමුදා පුහුණුවීමකට දාලා හරි විනය හදන්න.
අධිවේගී මාර්ගවල හරියට විදුලි ආලෝකය නැහැ. පිටවීම් ස්ථාන ආසන්නයේ පමණයි. ලයිට් තියෙන්නේ අනික් ස්ථාන කළුවරේ. බර වාහන ගමන් කිරීම වහාම නතර කරන්න. ඒ අයට වේග සීමා නැහැ. අඩු වේගයෙන් යන්නේ අනික් වාහන වේගයෙන් යනවා. රෑට කළුවරේ අධිවේගී නීති රීති සංශෝධනය කර නියාමනයක් කරන්න...
අධිවේගී මාර්ගයේ සමහර තැන්වල සුදුඉර මැකීගොස් තියෙනවා. ඒ මදිවට එතැන ලයිට් එළිය නැතිව රාත්‍රියට වාහන ධාවනය කරනවිට අනතුරු ඇතිවීමට ඉඩ තියෙනවා. මේවා ඉක්මණින් සපුරාලීම බලධාරීන්ගේ වගකීමකි.
අධිවේගයේ බර වාහන නතර කිරීමට පියවර ගත යුතුයි.
ලංකාවේ ඩ්‍රයිවර්ලාට අධිවේගි මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය ගැන නිසි අධ්‍යාපනයක් නොමැති වීම මෙයට හේතුවයි. රියදුරු බලපත්‍රය දෙනවිට දැනට යල් පැනගිය ට්‍රයල් යාවත් කාලීන කර... අධිවේගි මාර්ග ධාවනය සඳහා රියදුරු පුහුණුවක් ලබාදී රියදුරු බලපත්‍රය ලබාදෙනවා නම් යම් තරමකවත් අනතුරු වළකා ගත හැකියි. ඒ වගේම යන හැම වාහනයක්ම, මගින් සමග රක්ශණය කර රක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුයි...