
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) හා ඇයගේ එකම සොයුරිය වන සෙනුදි දම්සරා (10) දැරියයි.
සිදු වූ අනතුරින් මියගිය දැරියන්ගේ මව පියා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත් පියා ව්‍යාපාරිකයෙකි.
අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට නාරහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන වැනි මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස කොටසේ දකුණු පැත්තේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.
------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්න දූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් දස හැවිරිදි දැරියක මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි
මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනුදි දම්සරා නැමැති දැරියකි.
සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත
ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය මෙමින් තිබූ එකම පවුලේ පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස දකුණු පස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්‍ර ලබාදීමේදී අඩුම ගානේ ලිඛිත පරීක්ෂණයටවත් අධිවේගී මාර්ග වල රිය පැදවීමට අදාල ප්‍රශ්න ටිකක් ඇතුලත් කිරීම කාලෝචිතය.
බොහොම කනගාටුදායක මරණයක් කාගේ හෝ වරදින් කාගේ දෝ ජිවිතයක් අහිමි වෙනවා මේවා සිදුවිය යුතු දේවල් නොවෙයි... හදිසිය සහ නොසැලකිලිමත් රිය ධාවනය තමයි වෙලාවකට ගත හැකිව තිබිණු මෙවැනි අනතුරු වලට හේතුව දියණියන්ට නිවන් සුව පතමි
පුංචි සුරංගනාවියනි සුවෙන් නිදන්න…. ඔබ දෙදෙනාටම නිවන් සුව පතමි…!
සමහර ලොරි අධිවේගයේ මාර හිමින් යන්නේ... රියදුරන් කිසිම අවදානයක් නෑ. අතත් රිලැක්ස් එකේ තියාගෙන., ඔහේ යනවා. ඒ වාහන වලට ළංවෙනවා දන්නේම නැතිව.
විහිළුවක් නොවෙයි කියන්නේ... දෙසැම්බර් 28 පසුවෙන තුරු ස හා ද අකුරුවලින් නම පාවිච්චියට ගන්න අය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරනවා නම් හොඳයි...
සසර කොච්චර භයානකද? කර්මය සහ කර්ම ඵලය අපි කාගෙත් විවිධයි. ආපස්සට සසරේ හැරිලා බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණි. දියණියනි, සසර ගමන සුවපත් වේවා...! දෙමාපිය දෙපළගේ වියෝගිනි දුරු වේවා..! සසරේ නැවත භවයක මෙවන් භයානක මරණ නොවේවා. සසර දිගු ගමන සුවපත් වේවා...!
පුදුම අධිවේගයක් නේ ලංකාවේ තියෙන්නේ.. ගියොත් මරණයක් තාත්තලා ළමයි එක්ක යද්දි පරිස්සමෙන් යන්න දැනගන්න එපැයි... අපේ ඒවා අපි අධිවේග කියලා නම් කරනවා නම් දියුණු රටවල තියෙන පාරවල් ඔක්කොම අධිවේග තමයි... උද්දච්චකමයි මෝඩකමයි අයින් කරගත්තොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් ... අපරාදේ දරුවෝ දෙන්නාගේ ජිවිත
ජාති ජාති මෙවන් අකල් මරණයක් නොමවේවා දයාබර දියණියනි.. දෙමාපියන් කෙලෙසක දරා ගන්නද?
1980 සහ 1990 ගණන් වලදී පසුපස මගීන් සඳහාත් ආසන පටි ලෝකයේ බොහෝ රටවල අනිවාර්ය විය. ශ්‍රී ලාංකික අපි, අපේ උඬගු බව හා ගොන් කම නිසා සියලුම නවීන මෝටර් රථ වල සීට් බෙල්ට් තිබියදීත් ඒවා දන්නේ නැත . මෙම සරල මූලික ජීවිතාරක්ෂක කාර්යය භාවිතා නොකරන අපි (ආචාර්ය, මහාචාර්යවරු සිට 8 පාස් නැති බිස්නස් කාරය දක්වා) තරං ගොන් ජන සමුහයක් වෙන නැත . චාලක ශක්තිය ප්‍රවේගයේ වර්ගයට සමානුපාතික බව A/L ව්‍යවහාරික ගණිතය හෝ භෞතික විද්‍යාව කළ ඕනෑම අයෙක් දන්නවා. හැබැයි පස්සේ සීට් වල යන ගමන් සීට් බෙල්ට් දන එක නිකන් මදි කමක් වගේ බොහෝ අයට. මාර්ගයේ වාහන වල/වෑන් වල සීට් බෙල්ට් භාවිතා නොකිරීම කොතරම් මෝඩද යත්, මෙය විස්තර කිරීමට වචන නැති තරම්ය.
මතු ඉපදින අත්මයේදීවත් මෙවන් අකල් මරණයට පත්නොවී අජරාමර නිවන්සුව ලැබේවා. හරිම දුක හිතෙන සිදුවීමක්...!
ඇයි දෙයියනේ මෙවැනි දේවල් අහන්න ලැබෙන්නේ... දෙමව්පියෝ කොහොම දරාගන්නඩ ද ?දැරියන් දෙදෙනාටම නිවන් සුව සහ දෙමාපියන්ට ඉක්මන් සුවය පතමි.
හරිම ශෝචනීයයි. ඔබ දෙපළට නිවන් සුව ලැබේවා...!
ඉතාම කනගාටුදායක ප්‍රවෘත්තියක්. වාහනේ කොයිතරම් අලුත් වුණත් මූළිකම ආරක්‍ෂක උපක්‍රමය වන ආසන පටි පැළඳ නැත්නම් අර සුපිරි ආරක්‍ෂක උපක්‍රම වැඩ කරන්නේ නැහැ, පොඩි දරුවන් රැගෙන වාහනේ යනවා නම් අනිවාර්යයෙන්ම ආසන පටි අවශ්‍යයි. කුඩා දරුවන් උකුළ උඩ තබාගන්න එපා, සුළු මුදලක් වැය කර දරුවන් සඳහා සකස් කරන ලද ආසනයක් සවිකරගන්න.
දුවේ මට සමාවෙන්න.