IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අධිවේගයේ අනතුරින් අක්කායි - නංගියි මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) හා ඇයගේ එකම සොයුරිය වන සෙනුදි දම්සරා (10) දැරියයි.

සිදු වූ අනතුරින් මියගිය දැරියන්ගේ මව පියා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. 

මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත් පියා ව්‍යාපාරිකයෙකි.

අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට නාරහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන වැනි මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස කොටසේ දකුණු පැත්තේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.

 

------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1   පින්න දූව සහ  ඉමදුව  පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් දස හැවිරිදි දැරියක මරුමුවට පත්ව ඇතැයි  පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි

මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනුදි දම්සරා නැමැති දැරියකි. 

සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත 

ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය මෙමින් තිබූ එකම පවුලේ පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස දකුණු පස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.



අදහස් (14)

අධිවේගයේ අනතුරින් අක්කායි - නංගියි මරුට

primeshika Thursday, 12 December 2024 09:20 AM

රියදුරු බලපත්‍ර ලබාදීමේදී අඩුම ගානේ ලිඛිත පරීක්ෂණයටවත් අධිවේගී මාර්ග වල රිය පැදවීමට අදාල ප්‍රශ්න ටිකක් ඇතුලත් කිරීම කාලෝචිතය.

:       0       0

Bunny Preena Thursday, 12 December 2024 10:25 AM

බොහොම කනගාටුදායක මරණයක් කාගේ හෝ වරදින් කාගේ දෝ ජිවිතයක් අහිමි වෙනවා මේවා සිදුවිය යුතු දේවල් නොවෙයි... හදිසිය සහ නොසැලකිලිමත් රිය ධාවනය තමයි වෙලාවකට ගත හැකිව තිබිණු මෙවැනි අනතුරු වලට හේතුව දියණියන්ට නිවන් සුව පතමි

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 December 2024 11:28 AM

පුංචි සුරංගනාවියනි සුවෙන් නිදන්න…. ඔබ දෙදෙනාටම නිවන් සුව පතමි…!

:       0       0

Nimal Thursday, 12 December 2024 12:21 PM

සමහර ලොරි අධිවේගයේ මාර හිමින් යන්නේ... රියදුරන් කිසිම අවදානයක් නෑ. අතත් රිලැක්ස් එකේ තියාගෙන., ඔහේ යනවා. ඒ වාහන වලට ළංවෙනවා දන්නේම නැතිව.

:       0       0

Samantha Thursday, 12 December 2024 12:27 PM

විහිළුවක් නොවෙයි කියන්නේ... දෙසැම්බර් 28 පසුවෙන තුරු ස හා ද අකුරුවලින් නම පාවිච්චියට ගන්න අය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරනවා නම් හොඳයි...

:       0       0

Jayasekara Thursday, 12 December 2024 12:31 PM

සසර කොච්චර භයානකද? කර්මය සහ කර්ම ඵලය අපි කාගෙත් විවිධයි. ආපස්සට සසරේ හැරිලා බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණි. දියණියනි, සසර ගමන සුවපත් වේවා...! දෙමාපිය දෙපළගේ වියෝගිනි දුරු වේවා..! සසරේ නැවත භවයක මෙවන් භයානක මරණ නොවේවා. සසර දිගු ගමන සුවපත් වේවා...!

:       0       0

gamage Thursday, 12 December 2024 12:52 PM

පුදුම අධිවේගයක් නේ ලංකාවේ තියෙන්නේ.. ගියොත් මරණයක් තාත්තලා ළමයි එක්ක යද්දි පරිස්සමෙන් යන්න දැනගන්න එපැයි... අපේ ඒවා අපි අධිවේග කියලා නම් කරනවා නම් දියුණු රටවල තියෙන පාරවල් ඔක්කොම අධිවේග තමයි... උද්දච්චකමයි මෝඩකමයි අයින් කරගත්තොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් ... අපරාදේ දරුවෝ දෙන්නාගේ ජිවිත

:       0       0

Channa Thursday, 12 December 2024 12:58 PM

ජාති ජාති මෙවන් අකල් මරණයක් නොමවේවා දයාබර දියණියනි.. දෙමාපියන් කෙලෙසක දරා ගන්නද?

:       0       0

මගමරුවා Thursday, 12 December 2024 02:36 PM

1980 සහ 1990 ගණන් වලදී පසුපස මගීන් සඳහාත් ආසන පටි ලෝකයේ බොහෝ රටවල අනිවාර්ය විය. ශ්‍රී ලාංකික අපි, අපේ උඬගු බව හා ගොන් කම නිසා සියලුම නවීන මෝටර් රථ වල සීට් බෙල්ට් තිබියදීත් ඒවා දන්නේ නැත . මෙම සරල මූලික ජීවිතාරක්ෂක කාර්යය භාවිතා නොකරන අපි (ආචාර්ය, මහාචාර්යවරු සිට 8 පාස් නැති බිස්නස් කාරය දක්වා) තරං ගොන් ජන සමුහයක් වෙන නැත . චාලක ශක්තිය ප්‍රවේගයේ වර්ගයට සමානුපාතික බව A/L ව්‍යවහාරික ගණිතය හෝ භෞතික විද්‍යාව කළ ඕනෑම අයෙක් දන්නවා. හැබැයි පස්සේ සීට් වල යන ගමන් සීට් බෙල්ට් දන එක නිකන් මදි කමක් වගේ බොහෝ අයට. මාර්ගයේ වාහන වල/වෑන් වල සීට් බෙල්ට් භාවිතා නොකිරීම කොතරම් මෝඩද යත්, මෙය විස්තර කිරීමට වචන නැති තරම්ය.

:       0       0

Neel Thursday, 12 December 2024 07:07 PM

මතු ඉපදින අත්මයේදීවත් මෙවන් අකල් මරණයට පත්නොවී අජරාමර නිවන්සුව ලැබේවා. හරිම දුක හිතෙන සිදුවීමක්...!

:       0       0

Mangala Dissanayake Thursday, 12 December 2024 11:08 PM

ඇයි දෙයියනේ මෙවැනි දේවල් අහන්න ලැබෙන්නේ... දෙමව්පියෝ කොහොම දරාගන්නඩ ද ?දැරියන් දෙදෙනාටම නිවන් සුව සහ දෙමාපියන්ට ඉක්මන් සුවය පතමි.

:       0       0

Perera Friday, 13 December 2024 05:27 AM

හරිම ශෝචනීයයි. ඔබ දෙපළට නිවන් සුව ලැබේවා...!

:       0       0

ගුණරත්න Friday, 13 December 2024 08:09 AM

ඉතාම කනගාටුදායක ප්‍රවෘත්තියක්. වාහනේ කොයිතරම් අලුත් වුණත් මූළිකම ආරක්‍ෂක උපක්‍රමය වන ආසන පටි පැළඳ නැත්නම් අර සුපිරි ආරක්‍ෂක උපක්‍රම වැඩ කරන්නේ නැහැ, පොඩි දරුවන් රැගෙන වාහනේ යනවා නම් අනිවාර්යයෙන්ම ආසන පටි අවශ්‍යයි. කුඩා දරුවන් උකුළ උඩ තබාගන්න එපා, සුළු මුදලක් වැය කර දරුවන් සඳහා සකස් කරන ලද ආසනයක් සවිකරගන්න.

:       0       0

chamara Friday, 13 December 2024 11:08 AM

දුවේ මට සමාවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 41 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site