IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අධිවේගය අධිවේගයෙන් කෝටි නවයක් උපයලා

(සුජිත් හේවාජුලිගේ )

සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ග පසුගිය 22 වැනිදා සිකුරාදා සහ 23 වැනිදා සෙනසුරාදා රුපියල් කෝටි 9 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම දින දෙකේදී අධිවේගී මාර්ගවල ගමන් කර ඇති වාහන සංඛ්‍යාව දෙලක්ෂ අසූ හය දහස් දෙසිය අනූ හතරකි.

මේ අනුව අධිවේගී මාර්ගවල පසුගිය 22 වැනිදා වාහන එක් ලක්ෂ හතළිස් දහස් හත්සිය අනූ එකක්ද 23 වැනිදා වාහන එක් ලක්ෂ හතළිස් පන් දහස් පන්සිය තුනක්ද ගමන් කර ඇත.

සති අන්ත නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ගවල ආදායම සියයට 40 කින් පමණ ඉහළ ගොස් ඇතැයි පවසන එම අධිකාරිය මෙය අධිවේගී මාර්ග දින දෙකක දී ලැබූ වැඩිම ආදායම බවද සඳහන් කළේය.

නිවාඩුවට ගොස් ඇති පිරිස් නැවත පැමිණෙන දිනවලදී අධිවේගී මාර්ගවල ආදායම යළිත් ඉහළ යනු ඇතැයි එම අධිකාරියේ නිලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (3)

අධිවේගය අධිවේගයෙන් කෝටි නවයක් උපයලා

Bamunuarachchi Tuesday, 26 December 2023 01:55 AM

ජෙප්පෝ කියන මහින්ද කරපු රට බංකොලොත් කරපු වියදමක්. ජෙප්පෙක් කමෙන්ට් කරන්න බලන්න...

:       0       0

චන්දන Tuesday, 26 December 2023 07:23 AM

ඔව්, ඒක නිසා මේකත් පුද්ගලික ව්‍යාපාරිකයකුට දීපල්ලා...

:       0       0

pakeer Tuesday, 26 December 2023 11:28 AM

රුපියල... වැඩක් නැහැ.. පිටරටට යමක් විකුණලා මොනවා හරි උපයන්න බලන්න. කොච්චර රුපියල් ඉපැයුයත් ... බඩු ඔක්කොම ගේන්නේ පිටරටින්. ඉතිරි රුපියල් කොච්චර ආවත් වැඩක් නැහැ. මේ සරළ ක්‍රමය තේරුම් ගනිල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site