(සුජිත් හේවාජුලිගේ )
සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ග පසුගිය 22 වැනිදා සිකුරාදා සහ 23 වැනිදා සෙනසුරාදා රුපියල් කෝටි 9 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම දින දෙකේදී අධිවේගී මාර්ගවල ගමන් කර ඇති වාහන සංඛ්‍යාව දෙලක්ෂ අසූ හය දහස් දෙසිය අනූ හතරකි.
මේ අනුව අධිවේගී මාර්ගවල පසුගිය 22 වැනිදා වාහන එක් ලක්ෂ හතළිස් දහස් හත්සිය අනූ එකක්ද 23 වැනිදා වාහන එක් ලක්ෂ හතළිස් පන් දහස් පන්සිය තුනක්ද ගමන් කර ඇත.
සති අන්ත නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ගවල ආදායම සියයට 40 කින් පමණ ඉහළ ගොස් ඇතැයි පවසන එම අධිකාරිය මෙය අධිවේගී මාර්ග දින දෙකක දී ලැබූ වැඩිම ආදායම බවද සඳහන් කළේය.
නිවාඩුවට ගොස් ඇති පිරිස් නැවත පැමිණෙන දිනවලදී අධිවේගී මාර්ගවල ආදායම යළිත් ඉහළ යනු ඇතැයි එම අධිකාරියේ නිලධාරීහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ කියන මහින්ද කරපු රට බංකොලොත් කරපු වියදමක්. ජෙප්පෙක් කමෙන්ට් කරන්න බලන්න...
ඔව්, ඒක නිසා මේකත් පුද්ගලික ව්‍යාපාරිකයකුට දීපල්ලා...
රුපියල... වැඩක් නැහැ.. පිටරටට යමක් විකුණලා මොනවා හරි උපයන්න බලන්න. කොච්චර රුපියල් ඉපැයුයත් ... බඩු ඔක්කොම ගේන්නේ පිටරටින්. ඉතිරි රුපියල් කොච්චර ආවත් වැඩක් නැහැ. මේ සරළ ක්‍රමය තේරුම් ගනිල්ලා...!