
අධිවේගී මාර්ග පද්ධතිය පෞද්ගලික සමාගමකට ලබාදිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අධිවෙිගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු හා කළමණාකරන කටයුතු අංශයේ සියලුම සේවකයන් ඊෙය් (22) අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණි අතර ඊෙය් (22) පෙරවරුවේ සිට ඒම රාජකාරී කටයුතු කිරීම සදහා යුද හමුදාව ෙයාදවා අැති අයුරු දක්නට ලැබිණ.
ඒ් අනුව ගාල්ල දක්ෂිණ අධිෙව්ගී මාර්ගය, ගැලනිගම, කොක්මාදුව, පින්නදුව, ඉමදුව, බද්දේගම හා කුරුඳුගහහැතැක්ම, ෙකාට්ටාව, කඩුෙවළ, මීරිගම අැතුළු අධිෙව්ගී පිවිසුම් මාර්ග රැසක ෙමෙලස යුද හමුදාව ෙයාදවා තිබිණ.
මේ තත්ත්වය මත අධිවේගී මාර්ග පිවිසුම්වල ආරක්ෂාව සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා ඇති අතර සමහර පිවිසුම් මාර්ගවල අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය නිලධාරීහුද යුද හමුදාවට සහය ලබාදීම සදහා රාජකාරී කටයුතුවල නිරත වූහ.
මෙ සමඟ අධිවේගී මාර්ග පද්ධතියේ කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එහි රාජකාරි කටයුතු යුධ හමුදා නිලධාරීන් යොදවා තිබෙන තිබෙන අතර එම නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය සඳහා අවසරපත් නිකුත් කිරීම සහ මුදල් ලබා ගැනීම සිදු කෙරේ.
කෙසේ වෙතත් වෘත්තීය ක්රි යාමාර්ග ගැනීමට හේතුවී ඇත්තේ 2011 සිට මේ දක්වා බඳවා ගැනීමේ පටිපාටිය සකස් නොකිරීම අදාළ ශ්රේගණි සදහා උසස්වීම් ලබා නොදීම ( 2011 සිට ලබා දී ඇත්තේ එක උසස්වීමක් පමණක් බවත් , එසේම අධීවේගී මාර්ග ජාලය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම ලබාදී තිබු, වෛද්යා නිවාඩු සදහා දීමනාව කප්පාදු කිරීම ආදී ඉල්ලීම් කීපයක් මුල් කරගෙන ඊෙය් (22 ) පෙරවරු 7:00 සිට පස්වරු 7:00 දක්වා වෘත්තීය ක්රිකයාමාර්ගයක් ගෙන තිබේ .
(තරංග ගුණරත්න, ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ, සිරිනිහාල් ගමගේ, ෙජ්.ඒල්. ෙක්. චාමින්ද, ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බිමල් ශ්යා මන් ජයසිංහ, ෙක්. බුද්ධික කුමාරසිරි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියට අනිවාර්ය නිවාඩු යවලා ගාස්තු අයකිරීම නතර කරන්න...!