(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී ඊයේ (25)  සිදුවූ මාරක අනතුරින් මියගිය ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයා  පොලිස් සැරයන්  නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල්  තල්ලුව මහතා පැවසීය

 මෙලෙස උසස්වීම් ලබා දී ඇත්තේ පොලිස් කොස්තාපල් (72542) ජේ.ඒ.ඒ ජයකොඩි නිලධාරියාටය

කොස්තාපල්වරයා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග සුඛෝභෝගී ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී  කිලෝමීටර් එකොළහයි දශම එක ප්‍රදේශයේදී කට්ටේටර් රථයක ගැටී  අනතුරෙන් දෙදෙනාම  ජීවිතක්ෂයට පත් විය

මියගිය පොලිස් කොස්තාපල්වරයා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 23/93 පරිදි පශ්වාත් උසස් වීම් පදනම යටතේ  පොලිස්පතිතුමා විසින් 2024  ජනවාරි 25 වැනි දින සිට සැරයන් තනතුරට උසස් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය