
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ බි රිස්වාන් (34) නැමැත්තෙකි.
තුවාල ලැබූවන් අතර ජීප් රථයේ ගමන් ගත් සහකාර පොලිස් අධිකාරීවරයා, ජීප් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකුද වන බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩ නින්ද මරුවා කැඳවයි
අඩ නින්ද මරුවා කැඳවුයේ පැත්තක ඉඳපු මනුස්සයෙක්ට. මොකක් හරි ආපදාවක් නිසා වාහනය නතර කරන්න ඇත්තේ, අපේ ඉතින් හයිවේ එක ජර්මන් ඔටෝබාන් එක කියල හිතාගෙන හය්යෙන් පදවන උන් නිසා නිකරුනේ මැරුම් කන්න තමයි වෙන්නේ.
අධිවේගී මාර්ගයේ නවතා තිබූ රථයක්! කාර්මික දෝෂයක්ද? නවතලා කෝල් ගන්නවාද? නිදාගෙනද?
බලන්න අදකාලේ සිදුවන අනතුරුවල හැටි. කන්ටේනර් දේවියන්ගේ අනිත් පැත්ත..