
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය.
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු මහ රැජිනගේ දේහය, රාජකීය නාවික හමුදා සෙබළුන් විසින් හමුදා ගෞරව මැද, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරට රැගෙන යනු ලැබුණේ චාල්ස් රජුගේ සහ රජ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙනි.
කැමිලා බිසව, විලියම් කුමරු, හැරී කුමරු, කේට් කුමරිය, කුඩා ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද ඒ අතර වූහ.
වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේ දී විශේෂ දේව මෙහෙයක් රැජින වෙනුවෙන් පැවැත්විණි. ඒ සියලු දෙනා විනාඩි දෙකක කාලයක් රැජිනට ගෞරව දක්වමින් නිහඬව සිටීමෙන් ද අනතුරුවය.
මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට ලන්ඩනයට පැමිණ සිටි සියලු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැති දේව මෙහෙයට එක් වූහ.
දේව මොහෙය පැවැත්වූයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රධානී ඩේවිඩ් හොයිල් පියතුමන් අතිනි. එහිදී පියතුමන්, මහ රැජින ගැන ගුණ කථනයක් කළ කළ අතර බි්‍රතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස්ගේ ඇතුළු බ්‍රිතාන්‍ය රජයේ ශෝක පණිවුඩය ද රැස්ව සිටි පිරිස හමුවේ පැවැසුවේය.
ජාතික ගීය ගායනා කිරීමෙන් පසු දේහය රැගත් රිය පෙරහර වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරෙන් පිටත් විය.
(රොයිටර්/බීබීසී)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැජිනගේ උද්‍යාන පාටි සිදුකරන තෙන්නකෝන් මහතා කියන්නෙ එතුමිය පාරවල් අතුගාන කම්කරුවන්ට පවා සංග්‍රහයක් කරල ස්තුති කරනවා කියලා එතුමියට තනිව බැරිනිසා රජ පවුලේ සියලු දෙනාම එම කටයුතු කරනවාලු.ලංකාවෙ ප්‍රාදේශීය සභා මංත්‍රී කෙනෙක් වත් එතරම් නිහතමානීද සිතා බලන්න රැජිනියට නිවන්සැප ලැබේවා
අපේ ඒකාධිපති ලොන්ත පොලොස් ඩබලත් ගෙනියන්නැද්ද?
ගෞරවනීය රැජින යටතේ අපි මේ වෙනතෙක් සිටියා නම්, අද අපි ලෝකයම පිළිගන්න වැදගත් ජාතියක්. දියුණු ඕස්ට්‍රේලියානුවන් පවා තවමත් ඔබ තුමිය යටතේ සිටින්නේ, රජපවුලේ තියන විශිෂ්ඨත්වය හා ඒ තුල ඇති ගෞරාන්විත ආශිර්වාදය ඔවුන් දන්නා නිසයි. පුහු දේශප්‍රේමය ඉහට ගසාගෙන සිටින ජාතියේ නායකයින් ඔබ දෙපතුල ළඟ නිවට ලෙස දන නමන බව තවමත් මේ මෝඩයින්ගේ රටවල වෙසෙන ජනතාවට අවබෝධයක් නැහැ. ඔබලා විසින් ලෝකයේම ඉහලින් තැබූ, "සිලෝන් ටී" වලට අද අත්වී ඇති ඉරණම ගැන කතා කිරීමෙන් පවා පලක් නැහැ. "ශ්‍රී"අකුරත් පුජනීයත්වයෙන් අදහපු මෝඩයෝ සිටි රටක් මේක. ඔබලා දුන් ඉංග්‍රීසි අධ්‍යාපනය නොවන්නට අපට ලෝකෙන් හිඟමන් යදින්නවත් බැරි තත්වයකට තමයි පත්වෙන්නේ. "කුඩල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ" රැජිනියනී!!
සමාදානයේ සැතපේවා...!
රජකම් කලත්.. එන්න කිව්වම යන්න වෙනව.. කාටත් පොදුයි..
සහතික ඇත්ත .මම ඊයේ ඇහුවා රැජිනගේ උද්‍යාන පාටි සංවිධායක ධනංජය තෙන්නකෝන් මහතාගේ කතාව එතුමා කිව්වෙ රැජින නගරයේ මාර්ගය අතුගාන කම්කරුවන්ට පවා පාටියක් දීලා ඔවුන් සමග කතා කරනවා කියලයි.එතුමිය සමග එයට රජ පවුලේ සියලු දෙනාමත් සහභාගී වෙනවා කිව්වා .ඇත්තටම ලංකාවෙ පාලකයෙක් නොවෙයි රජයේ ප්‍රාදේශීය ලොක්කෙක් වත් එහෙම හමුවෙන්න පුලුවන්ද මමත් පළාත් පාලන ආයතනයක හිටියා මට පෙර සිටි අය නිසා කම්කරුවන් තමන්ගෙ කටයුතු කරගන්නෙ ඔවර්සියරලා නැත්නම් නාගරික මංත්‍රී හරහා ඒතරම් කම්කරුවන් නිළධාරින්ට බයයි .මම එය වෙනස්කලා.දැන් කොහොමද දන්නෙ නැහැ
අධිරාජනිය කියන එක වැරදී...ලෝකෙටම ඉන්නේ එක අධිරාජ්‍යයි...ඒ ජපන් අධිරාජ්‍යයා විතරයි...මෙයා රැජිනක් විතරයි...
අර ඉතිහාස පොතට ගිය කෙනා පේන්න නෑ නෙ...
මොනවා වුණත් මේ ලෝකයේ දැනට වැඩියෙන්ම පින් කළ කාන්තාව...!