(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරේ සිට ලබන වසරේ පටන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මේ අනුව අධ්‍යාපනයේ පරිවර්තනය යුගය ලබන වසරේ මුල් කාර්තුවෙන් ඇරැඹෙනු ඇති බව පැවසූ ප්‍රේමජයන්ත මහතා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් 13000ක් පුහුණු කරන බවද සඳහන් කළේය.
මේ සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අනෙකුත් ආයතන උදව් කරන බවද ඒ සඳහා අවශ්‍ය වැඩ පොත පවා නිර්මාණය කර අවසන් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
පූර්ව ළමා විය සඳහාත් වැඩපිළිවෙලකට ඒ අමාත්‍යාංශයට බාර දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ අරඹනවා
wedgae Friday, 25 November 2022 10:56 AM
පිනා සුසිල් කඩුවෙලට එපා.
Chandana Friday, 25 November 2022 11:08 AM
ඔයාලත් එක්ක ...???
කිරිපුතා Friday, 25 November 2022 11:17 AM
ඉංගිරිසි අවශ්‍යයි එහි තර්කයක් නෑ. හැබැයි ඉංගිරිසිය විතරක් දන්න , රට ගැන රටේ ඉතිහාසය , රට වෙනුවෙන් විශාල කැප කිරීම් කළ හෙළ රජ දරුවන්, රණ විරුවන් ගැන නොදන්න දරුවන් බිහි වුණොත් ඔවුන් රටට ආදරය කරන්නෙ නෑ. කාගෙ හරි කියමන් වලට යටත් වෙලා රට විනාශ කරනවා. අහුවෙන දේ හොරකම් කරනවා. ඉංගිරිසි දන්න ගුණයහපත් දරුවන් බිහි කරගන්න ඕන.