(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ  පළමු වසරේ සිට  ලබන වසරේ පටන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

මේ අනුව අධ්‍යාපනයේ  පරිවර්තනය යුගය ලබන වසරේ මුල් කාර්තුවෙන් ඇරැඹෙනු ඇති බව පැවසූ  ප්‍රේමජයන්ත මහතා මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් 13000ක් පුහුණු කරන බවද  සඳහන් කළේ‍ය.

මේ සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අනෙකුත් ආයතන උදව් කරන බවද ඒ සඳහා අවශ්‍ය වැඩ පොත පවා නිර්මාණය කර අවසන් වී ඇති බවද  ඔහු ප්‍රකාශ කළේය.

පූර්ව ළමා විය සඳහාත් වැඩපිළිවෙලකට ඒ අමාත්‍යාංශයට බාර දෙන බව  සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.