(නිරෝෂනී රත්නායක)
මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙකෙහි දරුවන් 75 දෙනෙකු සඳහා ඇඳුම් කට්ටල සකසා ගැනීමට අවශ්‍ය රු.827000.00 ක පමණ මුදලක් එම පාසලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාර්තු මස 22 වන දා එම පාසලේ දී සංවිධානය වුණු උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ලොව දිනන නව තාක්ෂණ ක්‍රමවේද පාසල් අධ්‍යාපනයට ඇතුළත් විය යුතු බවත් හින්දි භාෂාව ,චීන භාෂාව වැනි විෂයන්ද පාසල තුළ ඉගැන්විය යුතු බවත් ලෝකයත් සමඟ ගනුදෙනු කිරීමට සුදුසු දරුවකු පාසල තුළින් නිර්මාණය කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට පාසල්වල දේශපාලන කතා පවත්වන්නත් පුළුවන්ද?
මුලින්ම සාමාන්‍ය පෙළ සමත් වෙලා හිටියොත් හොඳයි නේද?
අනේ, අහෝ, මේ තියෙන අධ්‍යාපනේ දියුණු කරන්න නම් හිතන්නවත් එපා. නිකන් බොරුත් එපා. දශක තුනක සිට සම්පූර්ණයෙන්ම අපි හිතන විදිහ පවා වෙනස්කරලා මකෝලා තියෙන්නේ දැන් සම්පූර්ණම විකෘතියක් වෙලා තියෙන්නේ. උපදින විට සිටි බුද්ධිමතා සහමුලින්ම මරා දාලා, පරාධීන චින්තනයක් ඇත්තෙක් බිහිකරලා ගොඩක් කල්. ඔබලාට පුළුවන් වෙන්නේ ජනප්‍රිය මාතෘකාව කතා කරන්න විතරයි. මෝඩයෙක් පුස්සෙක් මේ අධ්‍යාපනයෙන් බිහිවීම අනිවාර්යයි. කෙනෙක් එසේ නොවී තියෙන්නේ සමහර පුද්ගලයින්ගේ පෙර පිනටයි. මෙය හොඳින් සැළසුම් කළ එකක්... හැබැයි නිතරම පෙන්වන්නේ වෙන එකක්. තමන් තමන්ව රවටාගැනීමට අධ්‍යාපනය වෙන කොහේවත් නෑ.
ඇමැති වෙලා බලය තියෙන කාලේ තනතුරු බෙදපු හැටි නම් අපි දැක්කා.. උස නම් සිකියුරිටි.. මිටි නම් කම්කරු කියලා.. ඒ විදියට ද දන්නේ නෑ කරන්න ඉන්නේ...!
චීන හා හින්දි ඉගැන්වීම කරන්න ඉස්සෙල්ලා මව් භාෂාව දෙවැනි භාෂාව සහ ඉංග්‍රීසියෙන් පොතපත කියවීමට හා කතා කරන්න හැකියාව ඇතිකර පාසල් කාලයෙන් පසුව ඔහේගේ කැමැත්ත තියෙන භාෂා ඉගැන්වීමට කටයුතු කරන්න ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැරයන දරුවෝ ගැන බලන්න. ඉන් පස්සේ සාමාන්‍ය පෙළ අසමත් වන පිරිස් සඳහා එකිනෙකාට තියෙන දක්ෂතා අනුව වෘත්තීය පුහුණුවක් දීමට කටයුතු කරන්න තෙවනුව උසස් පෙළ අසමත් පිරිස සඳහා වෘත්තීය පුහුණුවක් දීමට කටයුතු කරන්න.. අතීතයේ පාසල් දරුවෝ පාසලේදී හදාරන විෂයන් අනුව ඔවුන්ට සුදුසු කුමන අංශයේ ඉගෙනීමක්ද කියලා ගුරුවරු තෝරා දුන්නා. ඒක ඉතාමත් හොඳයි... දැන් කාලයේ අම්මලා කරන්නේ දරුවා යන්තමින් බහතෝරන වෙලාවේ සිට දොස්තරලා කරන්න තමයි. ඒත් ඒ දරුවන්ට එවැනි දක්ෂතා නැතුවම උසස් පෙළ විභාගයෙන් අසමත්ව තමා උගත් විෂයයන් සම්බන්ධ අංශයේ වත් රැකියාවක් කරන්න අකැමැති වෙනවා. සමාජයේ රැකියාවක් නැතුව නන්නත්තාර වෙනවා. අධ්‍යාපනය දුන්නාටම මදි වාර්ෂිකව පාසල් හා විශ්ව විද්‍යාල හැරයන තරුණ පිරිස් සඳහා රැකියා අවස්ථා ඇතිකිරීමට සංවර්ධන ව්‍යාපෘති සකසන්නත් ඕනෑ...!
ඔයාව හරියන්නේ ජනාධිපතිකමට නෙමෙයි... වැඩේ දන්නවා වුණාට කරන්න දන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න කාලේ ඕවා දැනගෙන උන්නේ නැතිද?