IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධ්‍යාපන නිලධාරී දාහක් ශිෂ්‍ය භට තනතුරු වලට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා  හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම බලකායේ නිලධාරීන් හා ශිෂ්‍ය භටයන්  ලෙස බඳවා ගනු ලැබ තිබේ.

අධ්‍යාපන  ක්ෂේත්‍රයේ ශිෂ්‍ය භට කටයුතු තවදුරටත් ප්‍රවර්ධන  කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ,ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍ය භට බලකායට බඳවා ගැනීම පිණිස මූලික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට අදහස් කර ඇතැයි රජය කියයි.

එකී සේවාවන් වල 1,2 සහ 3 ශ්‍රේණි වලට අයත් නිලධාරීන් දහසක් බඳවාගෙන මූලික පුහුණු පාඨමාලාවකින් පසු අධිකාරිලත් නිලධාරීන් ලෙස පත්කිරීමට සැලසුම් කර ඇතැයි රජය කියයි.

 



අදහස් (0)

අධ්‍යාපන නිලධාරී දාහක් ශිෂ්‍ය භට තනතුරු වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site