IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට තුඩුදුන්  අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය  කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

ඒ අනුව එම පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව නියෝජ්‍ය කතානායකවරයා කීවේය.

නියෝජ්‍ය කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණය දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදීය.

රුපියල් කෝටි දෙසීයකට වැඩි ආදායම් උපයන සමාගම් හෝ පුද්ගලයන්ට  සියයට 25 ක  අධිභාරයක් පැනවීම සඳහා විධිවිධාන සැලසීම අධිභාර පනත් කෙටුම්පතේ අරමුණයි.

මේ අනුව මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනෙක සම්මත කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (0)

‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site